(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
බණ්ඩාරගම සිට කළුතර දෙසට ගමන් ගත් වෑන් රථ රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර වී ඇත.
සිදු වූ අනතුරත් සමගම එම ස්ථානයට එක්රොක් වූ විශාල පිරිසක් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් කෑකෝ ගසන්නට වූ අතර බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පිරිස එම ස්ථානයෙන් මඳක් ඈත් කරන්නට කටයුතු කළහ.
ඒ වන විටත් අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා වෑන් රථයේ රියැදුරුම බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.
එහිදී මූලික ප්‍රතිකාර සිදුකර වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලිකව රෝහල වෙත පිටත් කර හැරිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
යතුරුපැදියේ පැදවූ 19 හැවිරිදි තරුණයා බරපතළ තත්ත්වයේ පසු වූ බැවින් ගිලන් රථයක් මගින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකය වෙත යොමුකළ බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අනතුරින් පසු කලබලයක්