(නිමන්ති රණසිංහ)
හදිසි සහ අත්‍යවශ්‍ය යැයි විනිසුරු විසින් තීරණය කරනු ලබන නඩු හැර වෙනත් කිසිදු නඩුවක් ලබන 27 වැනිදා තෙක් අධිකරණයේ නොකැඳවන ලෙසට දැනුම් දෙමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විශේෂ චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ.
කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා හෙට(20) සිට සතියක කාලයක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිර්නායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කරමින් අධිකරණ සේවා කොමිසම මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
අධිකරණ සේවා කොමිෂම විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ වාණිජ මහාධිකරණ, මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණය සහ කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කරගෙනය.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කීරීම සඳහා ඔවුන් අධිකරණය වෙත නොකැඳවා එම නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකරන ලෙසට දැනුම්දෙමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් මෙරට සියලු මහේස්ත්‍රාත් අධිකරණවලට දැනුම් දී ඇත.
සැකකරුවන් විෂයෙහි පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන හැකිතාක් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා මහේස්‍ත්‍රාත්වරු අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය සමඟ නිසි සම්බන්ධීකරණයක් පවත්වාගෙන යායුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්