(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු ගබඩා කාමරයෙන් සොරකම් කර පිටතට විකිනීම සදහා රැගෙන යාමට සූදානම් කර තිබු තවත් රිවෝල්වරයක් එම කාමරයේ වෙනත් ස්ථානයක ගෝනියක සගවා තිබියදී අද (07) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
දැනට රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් පවතින එම අධිකරණයේ සේවය කල බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනාගෙන් හෙලි කර ගත් තොරතුරු නඩු බඩු කාමරයේ ගෝනියක් තුල සගවා තිබියදී එම ගිනි අවිය හමු වී තිබේ.
ඇමරිකාවේ නිෂ්පාදිත මිලි මීටර් 9.9 වර්ගයේ උණ්ඩ යෙදීය හැකි එම ගිනි අවිය 2014 වසරේ දී මාතර තුඩාවේ සිදු කල මනුශ්‍ය ඝාතනයකට යොදා ගත් ගිනි අවියක් බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මාතර පොලීසිය මගින් එම ගිනි අවිය අත් අඩංගුවට ගෙන නඩු බඩුවක් ලෙස අධිකරණයට භාර දී තිබෙන බව පොලීසිය කියයි.සැකකාර බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ වන විට නඩු බඩු කාමරයෙන් සොරා ගත් ගිනි අවි පහක් පොලීසිය සොයා ගෙන ඇත.
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අධිකරණ ගබඩාවෙන් පන්නන්න ගිය තවත් ගිනි අවියක් හමුවෙයි
Perera Friday, 08 December 2023 08:21 AM
මේවා දැන් නඩු දෙකක නඩු බඩු බවට පත්වෙනවා..