(සුජිත් හේවාජුලිගේ )
සමහර පොලිසි මත්ද්‍රව්‍ය සාම්පල එක දිගට විස්ස තිහ වැරදියට එවන තත්වයක් දක්නට ඇති බවත් කුඩු නොවන දේවල් ඉදිරිපත් කර පළි ගැනීමට සමහර පොලිස් නිලධාරීන් බොරු නඩු දානවා යැයි ජනතාව නගන චෝදනාවේ යම් සත්‍යයක් තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ කාරණය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමේ දී පොලීසිය අනුගමනය කරන ක්‍රියා ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ජනතාවගෙන් චෝදනා එල්ලවී ඇති බවද සඳහන් කළේය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
" ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලිස් වලින් සාම්පල 20- 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණයක් විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවකු ඉදිරිපත් කළත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සැකකරුවකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ විෂ මත්ද්‍රව්‍ය අඩංගු නැහැ.පළිගැනීමට බොරු චෝදනා දානවා කියලා ජනතාව කියනවා. එහි යම් සත්‍යයක් තියෙනවා."
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අධිකරණ ඇමැති පොලිසියට දෙහි කපයි
K.W.Roshan Friday, 17 March 2023 01:12 PM
පොලිසියේ අය කරන්නේ කුඩු ඇල්ලුවම කුඩුකාරයන්ගෙන් සල්ලි අරන් ඒ වෙනුවට වෙන මොනවා හරි දාන එක .ඕක ලංකාවේ සාමාන්‍ය දෙයක්
de silva Friday, 17 March 2023 01:12 PM
මාස 2-3 යනකොට මගඩි පගාවක් අරගෙන සාම්පල් මාරු කරනවද කියලා කවුද දන්නේ?රසපරීක්ෂක වාර්තා ඉක්මනින් දෙන්න ක්‍රමයක් හදන්න .එවිට රිමාන්ඩ් සිරකරුවන්ට කන්න බොන්න දෙමින් නඩත්තු කරන්න යන මුදල් ඉතුරුවෙනවා
AKALANKA Friday, 17 March 2023 01:25 PM
ඔව් බන් උඹ ආයේ කවදාවත් රනිල්ගේ කැබිනට් එකක ඉන්නේ නෑ කිවුවේ දැන් ඔය ඉන්නේ ලස්සනට .ඒකත් මේ වගේ තමා
sunil Friday, 17 March 2023 01:37 PM
ඇමතියම ඔය ඇත්ත කියන්නේ. මුලින්ම රටේ පොලිසිය පුනරුත්ථාපනය කල යුතුයි.
sarath Friday, 17 March 2023 02:06 PM
රසපරික්ශක දෙපාර්තමෙන්තුව නවිකරනය කරන්න , වෙනත් රජයෙ අයතනවල නිකරුනෙ කල් මරන නිලදාරින් මෙකට අනුයුක්ත කරන්න , රසපරිකශක වාර්තා දවසෙන් දෙකෙන් දෙන්න කටයුතු කරන්න , සාම්පල් පරික්ශා කරන්න මාස 2-3 යනකොට සංයුතිය වෙනස් වෙනව, නිකරුනේ රිමාන්ඩ් සිරකරුවො නඩ්ඩත්තු කරන එක අඩු කලොත් වියදම් කපාහරින්න පුලුවන්, මානුශික පැත්තෙන් බැලුවත් සාදාරණය.
Bunny Preena Friday, 17 March 2023 02:26 PM
ඇත්ත කතා කිරීමට ඔබට හොඳ කොන්දක් තිබීම ගැන සතුටු වෙමි. අවශ්‍ය ප්‍රතිසන්ස්කරන මගින් දූශිත නිලදාරින්ට දේසපාලුවන්ගෙ, ගජ මිතුරන්ගෙ නියාය පත්‍ර වලට වැඩ කිරීමට තිබෙන මාර්ගයන් ඉක්මනින් අහුරවා විනිවිද භාවයකින් නීතිගරුක පුද්ගලයිට සාමයෙන් තම ජීවිත පවත්වා ගෙන යාමට ඉඩ සලසා දෙන්න.
අසෝක සිරිලාල් Friday, 17 March 2023 05:20 PM
මුලින්ම දූසිත පොලිස්පඅති අයින් කල යුතුයි දෙපාර්තමේන්තුව කනවා. රත්තරන් තබක්ක කරලා වැරදි කරුවන්වෙච්ච oic, Asp, Sp වුනේ කොහොමද sp ඉන්නේ මීගමුවේ දේසබන්දු මහතාටත් කිවා වැඩක් වුයේ නැත .මෙන්න පොලිසියේ තත්වය. පොලිස් කොමිසමෙනුත් කියනවා අගතියක් වී ඇතිබවට. නමුත් පොලිස්පති නිදි රට හදන්න නම් මොවුන් එලවා නවකයින්ට තැන දෙන්න.
Bamunurachchi Saturday, 18 March 2023 11:57 AM
දෙහි නොවෙයි කපන්න ඕනේ ජම්බෝල....