(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ ගැලනිගම පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
ආසාදිත නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.
එම මුරපොළේ සේවය කරන හොරණ ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකුට වයිරසය ආසාදනය වී තිබිණි.
අනතුරුව ගැලණිගම අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ නිලධාරීන් 14 දෙනකු බස්නාහිර පළාතෙන් පිට වන පුද්ගලයන් සඳහා වැලිපැන්න අධිවේගී පිවිසුම අසල සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා අද යොමු කිරීමෙන් අනතුරුව එයින් 5 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ සමඟම අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානය ගැලණිගම සේවය කරන පොලිස් නිලධාරීන් 50ට ආසන්න ප්‍රමාණයක් නිවෙස් වල ස්වයං නිරෝධාන ලක් කිරීමට පියවර ගත් බවත් එම ස්ථානය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සේවය සඳහා වෙනත් පොලිස් නිලධාරින් යොදවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අධිවේගී මගේ ගැලනිගම පොලිස් මුරපොළේ 6 කට කොරෝනා
janahitha UAE Saturday, 02 January 2021 04:52 AM
මෙවැනි විශේෂිත පොලිස් ස්ථාන පිහිටුවා ඇත්තේ ලංකාවේ පැමිණි රටම ආවරණය වන ලෙස අධිවේගී මාර්ග නිසා ලංකාවේ මෙන් මෙවැනි පොලිස් ස්ථාන රටපුරා ඉදිකිරීමට වන නිසාත් අධිවේගී මාර්ග UAE රටට අමුතු දෙයක් නොවන නිසත් විශේෂ පොලිස් ස්ථාන නැත.