IMG-LOGO

අධිවේගේ අනතුරින් පළාත් ඇමැතිටත් තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයෙ ගැලණිගම සමීපයේ දී පැයක් ඇතුළත පෙරදින රාත්‍රීයේ වාහන අනතුරු තුනක් සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම් අධිකාරී කාර්යාලයය කියයි. බස්නාහිර පළාත් ඇමැති රංජිත් සෝමවංශ මහතා ගමන් කළ ජීප්රිය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක ගැටී ඇමැතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලදහ.

425

431



අදහස් (0)

අධිවේගේ අනතුරින් පළාත් ඇමැතිටත් තුවාල

හේමන්ත Wednesday, 17 August 2016 12:12 PM

අනේ ඔව් මේක ගැන දැනුවත් කිරීමක් කරන්න ඕන විකි මහත්තය හරි. වාහන ඉස්සර කරන විදිහ හදිස්සියකදී නතර කරන විදිහ ගැන කියල දෙන්න ඕන. (අ)

:       0       0

ගාමිණී Thursday, 18 August 2016 03:22 AM

විකී ඔබ හරියට හරි. (හේ)

:       0       0

ඇසළ Wednesday, 17 August 2016 04:38 AM

පුදුමයක් නොවේ. ඔය අය අධිවේගයේ කට්ටිය පියාඹනවානේ (නි)

:       0       0

විකී Wednesday, 17 August 2016 04:59 AM

මේකේ යන හැටි උගන්නන්න ඕනෑ ලංකාවේ රියදුරන්ට, ටීවී වැඩසටහන් වලින්වත්. තවත් වාහනයකට ඉස්සර කරන්නවත් දන්නේ නැහැ බොහොම අය. ඒක කරන්නේ ප්‍රයිවට් බස්කාරයෝ වගේ ඇඟටම කපලා. කමකට නැති ටීවී වැඩසටහන් අතරට මේ වගේ කාලීන වැදගත්කමක් ඇති වැඩසටහනක් හැදුවොත් අගෙයි. (නි)

:       0       0

ධම්මි Wednesday, 17 August 2016 05:28 AM

ඔය ඇමැතිල කොහොමටත් පාරේ යන්න දන්නෙ නෑ නේ (ම)

:       0       0

චන්න Wednesday, 17 August 2016 04:44 PM

මේකට හේතුව අධිවේගය පටන්ගත් අලුත අධිවේගයේ යන්න පුළුවන් වේගය ගැන නිතරම ජනතාව ඉදිරියේ පුරසාරම් දෙඩුවා, පසුගිය රජයේ අය. මිනිස්සු හිතුවේ අධිවේගය කියන්නේ පුළුවන් තරම් වේගයෙන් යන්න පුළුවන් පාරක් කියලා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 17 August 2016 06:50 PM

මට මතක් වෙන්නේ අර වඳුරන්ට දැලි පිහි දුන්නහම වෙන දේ ගැන කියන කතාව. (නි)

:       0       0

පෙරේරා Wednesday, 17 August 2016 06:53 PM

අයියෝ ඕක මොකද්ද? තව ලක්ෂ 85ක් දීලා ඔයිටත් වැඩිය අලුත් ජීප් එකක් තීරු බදු රහිතව ගන්න පුළුවන්කොට. (නි)

:       0       0

සිසිර Thursday, 18 August 2016 01:04 AM

මේගොල්ලන්ට ප්‍රතිකාර කරලා සුවපත් කරන්නේත් දුප්පත් අපේ බදු සල්ලි වලින්ම හින්දා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

කසුන් Wednesday, 17 August 2016 11:29 AM

මම සෑම සති අන්තයකම කි මි 250-300 අතර ප්‍රමාණයක් යුරෝපයේ අධි වේගී මාර්ගයේ ගමන් කරනවා ඇත්තටම හරිම නීතිගරුකව හා අන් අයට පීඩා නොවන අයුරින් තමයි සෑම දෙනාම වගේ අධි වේගී මාර්ගය පාවිචිචි කරන්නේ එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සමහර රියදුරන් හෙඩ් ලයිට්ස් දාගෙන ඉතා අපරික්ෂ කාරීව ගමන් ගැනීම නීති ගරුක රියදුරන්ට විශාල අන්තරාදායක තත්වයක් ඇති කරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site