‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටය නිමාවට පත්කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සිවුවැනි තරගය අද (02) මෙල්බර්න්හිදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් අද තරගයෙන් ජය ලැබිය යුතු වන අතර නැතහොත් තරග විසඳුමකින් තොරව අවසන් විය යුතුය. ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගයේදී ලැබූ දැවැන්ත පරාජය නිසා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉන්දියාව සමග 15 ක් ලෙස සම විය. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග හතරෙන් ඉන්දියාව තරග දෙකක් ජය ලබා සිටීම නිසා අද තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ඉන්දියාව අවසන් තරගාවලියට සුදුසුකම් ලබයි. ඕස්ටේ‍්‍රලියාව මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් මෙම තරගයට සහභාගි නොවන අතර තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් නායකයා ලෙස කටයුතු කරයි. තරගාවලියේ ශූරයන් තෝරා ගැනෙන තරග තුනකින් සමන්විත අවසන් වටයේ පළමු තරගය අනිද්දා (04) බි‍්‍රස්බේන්හිදී ආරම්භ වේ.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අද තරගය පැරදුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෙදර
සම්පත් ජයසේකර Friday, 02 March 2012 12:49 PM
පැරදුණොත් ඉවරයි..
ක්ලැරන්ස් Friday, 02 March 2012 01:12 PM
අද මැච් එකත් විකුණන්න තියෙන්නේ?
රවිමාල් Friday, 02 March 2012 02:20 PM
ලංකා කණ්ඩායම දැන් සමබරයි. අපේ සුබ පැතුම්.