IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අත් විලංගු නවාතැන්පොලේ දමා ගිය සැරයන්ට වැඩ වරදී

(ගයාන් සූරිය ආරච්චි සහ ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර දළදා වීදිය ප්‍රදේශයේ නවාතැන්පොළක  අත් විලංගු ජෝඩුවක්  දමා  ගොස් තිබූ කැලණිය පොලිසියේ පොලිස් සැරෙන්වරයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.

මාසයකට වැඩි කාලයක් එම අත්විලංගු යුවල බෑගයක දමා නවාතැන් පොලේ දමා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම නවාතැන් පොලේ  කළමනාකරු  බෑගය පරීක්ෂා කර බැලීමේදී මෙම අත්විලංගු ජෝඩුව හමුවීමෙන්අනතුරුව එම අත්විලංගු පොලිසියට බාර දී ඇත.

අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශන වලදී එම අත්විලංගු කැලණිය පොලිසියේ සැරයන්වරයකු  විසින් දමා ගොස් තිබූ බව අනාවරණය වී තිබුණි.

එම අත් විලංගු යුවල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අනතුරුව එම සැරයන්වරයා මහනුවර පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව රජයේ දේපලක් සාවද්‍ය පරිහරණය හා අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ නිලධාරීන් විසින් එම සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (0)

අත් විලංගු නවාතැන්පොලේ දමා ගිය සැරයන්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 243 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 434 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site