අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පත් කළ කොමිසමත් ඒ පිළිබඳ පත් කළ කාර්යාලයත් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ සාකච්ඡා කෙරෙන බවත් දේශප්‍රේමී සළුවට මුවාවූ පිරිස ජනතාවගේ ලේ රත් කිරීමට විවිධ දුර්මත පතුරවමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ලංකාවේ ජන සමාජයට තම පවුලේ අයකු අතුරුදන්වීම යනු ඉතා ශෝකය දනවන කරුණක්. ඔහු ජීවත්වෙනවාද? මිය ගිහින්ද? වද විඳිනවාද යන ප්‍රශ්නවලින් දුක් විඳිනවා. ඒ නිසා අතුරුදන්වූ පුද්ගලයාට වඩා පවුලේ උදවිය මැරි මැරී ජීවත් වෙනවා. පවුලේ කෙනෙක්ට කුමක්ද වූයේ යැයි දැනගැනීමේ අයිතිය තිබෙනවා.‘ යැයි ද ඔහු කීය.
අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ කරුණු සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පිටු 46 කින් යුත් අවසන් වාර්තාව එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත බාරදීමද සිදු වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘අතුරුදන්වූවන් ගැන දැනගැනීමේ අයිතියක් තියෙනවා‘
දේව Monday, 15 August 2016 09:22 AM
ඉතින් ඔය ක්‍රියාවලිය 88-89 කාලෙන් පටන්ගන්න තිබෙන බාධාව මොකක්ද?
සිරි Monday, 15 August 2016 09:23 AM
එවන් අයිතියක් තිබෙන බව නම් ඇත්ත. 88-89 කාලේ අයටත් අයිතියක් තියෙනවද? (නි)
ප්‍රනාන්දු Monday, 15 August 2016 10:08 PM
60% ක ජනතාව ඡන්දය දුන් නිසානේ මේ හැමදේම (නි)
සුදේශ් Monday, 15 August 2016 10:42 AM
ඔව් ඔව් තියෙනවා. නැතුව නැතුව... (නි)
විජේරත්න Monday, 15 August 2016 11:32 AM
ඒ කාලේ දකුණේ ටයර් සෑයවල් ගැනත් සොයා බලන්න. (ර)
මුණසිංහ Tuesday, 16 August 2016 01:10 AM
මේ වැඩ නම් ඔබට ගැළපෙන්නේ නැහැ. දේශපාලනය තෝරාගත්තේ ඒ නිසා වෙන්න ඇති (නි)
සමන්ති Monday, 15 August 2016 02:39 PM
ඔබතුමා කියන දේ හරි.(හේ)
අබේසිංහ Monday, 15 August 2016 02:45 PM
අයිතියක් තියෙනවා කියලා අපිත් දන්නවා.(හේ)
දේව Monday, 15 August 2016 09:10 AM
අතුරුදන්වුවන් ගැන දැනගැනීමේ අයිතියක් තියෙනවා. එ්ක අපි පිළිගන්නවා. එ්ත් රටේ විරෝධාර හමුදාව ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට සමාන කරන්න අයිතියක් නැහැ කාටවත්. (නි)
ජගත් ලියනගේ Monday, 15 August 2016 09:12 AM
අතුරුදහන් වූ හමුදාවේ සහ පොලිසියේ අය ගැනත් සොයාබැලිය යුතුයි. (නි)
නීල් පෙරේරා Monday, 15 August 2016 04:28 PM
පවුලේ කවුරුත් අතුරුදහන් වෙලා නැති නිසා ඒ ගැන දුකක් නෑ නේද ?(හේ)