IMG-LOGO

’අත්‍යවශ්‍ය සේවා සේවකයින්ට ප‍්‍රධානියා සහතික කළ ලිපියක් අවශ්‍යයි’

(නිමන්ති රණසිංහ)

අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ට ඇදිරි නිතී බලපත‍්‍රය ලෙස සිය රාජකාරි හැදුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප‍්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ද අවශ්‍ය බව අවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මෙම නව කොන්දේසිය හෙ⁣ට (10) සිට කි‍්‍රයාත්මක වන බවත්,  එය වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතනවල සේවකයින්ට අදාළ නොවන බවත් ලංකාදිප කළ විමසීමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සාමාජිකයින් සිය රාජකාරි හැදුනුම්පත මෙන්ම ජාතික හැදුනුම්පතට අමතරව මෙම සේවාස්ථාන ලිපියද අනිවාර්ය බවත්, ඇතැම් පුද්ගලයින් එම හැදුනුම්පත අවභාවිත කරමින් කටයුතු කිරිමේ සිද්ධි වාර්තා වීම හේතුවෙන් මෙම කොන්දේසිය පැනවූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එසේම, අතව්‍යවශ්‍ය සේවා සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත‍්‍ර ලබන 30 වැනිදා තෙක් වලංගු වන බැවින් එම බලපත‍්‍ර ක්ෂණීකව අලූත් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද මෙහිදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
 



අදහස් (2)

’අත්‍යවශ්‍ය සේවා සේවකයින්ට ප‍්‍රධානියා සහතික කළ ලිපියක් අවශ්‍යයි’

නිරුපමා Thursday, 09 April 2020 10:20 AM

අනේ මේ ඔහේගේ බයිලා.... ඔයාගේ නීති ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි.ගිය සුමානේ පොහොට්ටු හොරු කරපු වැඩ නවත්වන්න තරම් ශක්තියක් නැහැ නේද? ඔහෙට ලැජ්ජයි.

:       1       0

de silva Thursday, 09 April 2020 10:21 AM

මේ විදිහට මේ ඇදිරි නිතිය තව කොපමණ කාලයක් දමන්නද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site