(කේ බුද්ධික කුමාරසිරි)
මාලබේ හෝකන්දර විස්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි තබා නවැත්වීමට කටයුතු කර එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාලඹේ පොලිසිය පවසයි.
එම මෝටර් රථයේ සිට අත්අඩංගුවට ගත් ගැබිනි කාන්තාවක් ඇතුළු යුවළගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරුවන්ගේ පදිංචිව සිටි කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසෙහි තිබී තවත් කෙරළ ගංජා කිලෝ එකක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
මාලඹේ පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත ළු කණ්ඩායමක් හෝකන්දර විෂ්කම් මාවත අසල මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටි අතරතුර ලද තොරතුරට අනුව සොයමින් සිටි මෝටර් රථය එම ස්ථානයට පැමිණීමත් සමග එම මෝටර් රථය නැවැත්වීම සඳහා පොලිසිය අණ කර ඇත.
එම අවස්ථාවේදී ඉදිරියට පැමිණි වේගයෙන්ම පිටුපසට ධාවනය කල මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමට සැරසීමේදී පොලිසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එම මෝටර් රථයේ ටයර් ඉලක්ක කරමින් වෙඩි තැබූ බවද ඉන් එක උණ්ඩයක් එක් රෝදයක වැදීමත් සමග මෝටර් රථය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක වැදී නැවතී ඇතැයිද පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි
kudda Monday, 24 February 2025 11:36 AM
පුලුවන් නම් තුඩුව, ඌරගස්මංහන්දිය, කොස්ගොඩ, කරන්දෙනිය පරීක්ෂා කරන්න. විශේෂයෙන් තුඩුව (බෙන්තොට). මොකද, කුඩු රජාලා ඉන්නේ ඔතන. හැම තැනටම සම්බන්ධයි. වෙල් යායවල්, ඉදුරුවට කොස්ගොඩට ඌරගහට වැටෙනවා. රෑට කුඩු ප්‍රවාහණය කරනවා. ලයිට් කණු වල ඉස්සෙල්ලම ලයිට් නිවාගෙන නිවාගෙන යනවා. මේවා දැකපු අය මුකුත් කියන්නෙ නෑ.