ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශිත සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් අගැමති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අභියෝගයකට ලක් කරමින් නීතීඥවරුන් දෙදෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන අගෝස්තු 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
මෙම පෙත්සම් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ කරුණු මතු කරන බැවින් එය පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කළ යුතු බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගනු ලැබීය.
ප‍්‍රියසාත් ඩෙප් සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප‍්‍රකාශිත සිංගරාසා නඩු තීන්දුව පාර්ලිමේන්තුව මඟින් අවලංගු කළහොත් ඉන් ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වන බවත් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීමෙන් තමන්ගේත් රටෙහි ජනතාවගේත් මූලික අයිතිවසිකම් කඩවන බවට ප‍්‍රකාශ කරන ලෙසත්, අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු නිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසත්, ඉල්ලා නීතිඥවරුන් වන දර්ශන වේරවගේ සහ නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් පෙත්සමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයාද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කථානායකවරයා නම් කරනු ලැබ සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශිත එස්සී/ එස්පීඑල්ඒ / 182/99 දරණ සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය අර්ථකථනයක් කර ඉදිරි පියවරක් ගන්නා ලෙස අගමැතිවරයා ඉකුත් ජූලි 07 වැනිදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරනු ලැබීය.එය ශ්‍රේෂ්ඨාධිකරණය සතු මහජනතාවගේ අධිකරණමය බලයට බලපෑම් කිරීමක් බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
සිංහරාසා නඩු තීන්දුව යනු 2005 වසරේ දී එවකට අගවිනිසුරුවරයා වශයෙන් ලබා දුන් නඩු තීන්දුවක් වන අතර එමඟින් මෙම නඩු තීන්දුව මඟින් විදේශ අධිකරණයන්හි හෝ ආයතන වල නියෝග ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අධිකරණය බැඳී නොමැති බව ප‍්‍රකාශ කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අගමැතිගේ ඉල්ලීම අභියෝගයට
විජේ Sunday, 31 July 2016 04:10 AM
පෙරකදෝරු මහතුනි, ඔය අභියෝග ජයගන්න නම් වෙර දරන්න එපා. රට විනාශයි එහෙම වුණොත්. (නි)
රංග Friday, 29 July 2016 10:02 PM
මේ එන්නේ මොකාටද? කියල හොඳටම පැහැදිලියි කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති බව, මේ ඇමෙරිකානු රූකඩය ගැන දන්නා කවුරුත් දන්නවා. රනිල්, සොල්හයිම් ප්‍රභාකරන් තුන්කට්ටුව සෙට්වෙලා එදා 2002 දී මොකක්ද කරන්න ගියේ? අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා එදා 1988 දී මොකක්ද කරන්න ගියේ කියල මේ රටේ අලුත් පරම්පරාව අසා දැනගත යුතුමය. (බ)
අසාද් Saturday, 30 July 2016 04:31 AM
මෙන්න මේකයි අපිට ඕනේ කල වෙනස.රටේ අගමැති වරයට විරුද්දව නිතිය ක්‍රියාත්මක වීම.බලය තනතුර නොබලා රටේ නිතිය ක්‍රියාත්මක විය යුතුයි.වෙනස සැපද කියල අහන මිනිස්සුන්ට මෙය පෙනේවිද දන්නෑ (අ)
සාගර Saturday, 30 July 2016 04:41 AM
ඒකා අධිපති අගමැති. (අ)