ඉංජිනේරු සංස්ථාවේ 2400 කට ජනවාරියේ වැටුප තව ගෙවා නෑ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විශාල සංඛ්‍යාවකට මේ වන තුරුත් ජනවාරි වැටුප ගෙවා නැති බවට ජාතික සේවක සංගමය චෝදනා කරයි. 27 January 2020
චීන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් කටුනායකට චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්, වෙනම ගුවන් මගී පර්යන්තයක් ඔස්සේ, ගුවන් තොටුපළ වෙත ඇතුළු කර ගන්නා බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කරයි. 27 January 2020
පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක් පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඇතිව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඇති ඉඩකඩ අහුරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි. 27 January 2020
‘හුංගම වෙඩි තැබීමෙන් හිමිනම අපවත් වීම අත්වැරැද්දක්’ හුංගම දෙණිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු සතුව තිබූ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත් වීමේ සිද්ධිය අත් වැරදීමකින් සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් බවට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී ඇති බව පොලිස් කොමිසම කියයි. 27 January 2020
සී.අයි.ඩියට පැමිණි ශානිට යන්න සිය නිල රථය දුන් ඒ.එස්.පී. ගැන පරීක්ෂණයක් අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 23 වැනිදා රහස් පොලිසියට පැමිණි එහි හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව කියන රහස් පොලිසියේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි. 27 January 2020
වෝහාරික විගණන වාර්තා විවාදය 18-19 දිනවල මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් ලබන මස 18 සහ 19 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත. 27 January 2020
චීනයේ සිටින ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ අංකයක් කොරෝනා වෛරසය දැනට පැතිරෙමින් පවතින චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බීජිං නුවරහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 27 January 2020
ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ. 26 January 2020
චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගන්න විශේෂ වැඩසටහනක් චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 26 January 2020
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කර තිබේ. 26 January 2020
කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය පිළිබඳ ආසාදිත තත්වයෙන් පසු වූ නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය. 26 January 2020
අචාර්ය වජිරාට - මහාචාර්ය ඉන්ද්‍රාට පද්ම ශ්‍රී සම්මාන ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට ගෙනගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනී වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානය පරිනැමීමට එරට රජය තීරණය කර ඇත. 26 January 2020
මුඛ ආවරණ අලෙවිය වැඩිවෙලා කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි ඔසුසල්වල මේ දිනවල වැඩි වශයෙන් මුඛ ආවරණ ( මාස්ක්) අලෙවි වන බව වාර්තාවේ. 26 January 2020
ගාල්ල වරායේ බර කිරීම ඇහැට පේන හැටියට ගාලු වරායට නෞකා මගින් රැගෙන එනු ලබන ක්ලින්කර් ඇතුළු භාණ්ඩ වල බර කීරිම සඳහා යොදාගනු ලබන තරාදිය දැනට වසර හතරක පමණ කාලයක සිට සවිකර නොමැති බව ගාලු වරායේ වෘත්තිය සමිති නිලධාරිහු පැවසූහ. 26 January 2020
රන්ජන් රූපවාහිනීය-පත්තර බලමින් රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේදී රූපවාහිනිය නරඹමින් දිනපතා සහ සති අන්ත පුවත් පත් බලමින් කාලය ගතකරන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 26 January 2020
දරිද්‍රතාව තුරන් කරන්න කාර්ය සාධක බළකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. 26 January 2020
චීනයේ වූහාන් නගරයේ ලාංකික සිසු සිසුවියෝ 30 ක් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින චීනයේ වූහාන් නගරයේ රැදී සිටිනුයේ ලාංකික සිසු සිසුවියන් 25ක් හෝ 30 ත් අතර පිරිසක් පමණක් යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 26 January 2020
මක්කම වන්දනා ගාස්තු රජයේ මැදිහත්වීමෙන් අඩුකෙරේ මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත. 26 January 2020
“ප්‍රධාන පක්ෂ දෙකෙන් කුමක් බලයට ආවත් හොරුන්ට දඬුවම් ලැබෙන්නෑ” “ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ හොඳ මිතුරෝ. ඒ අයට ඩීල් තියෙනවා. ඒ නිසා නිසා ඔය පක්ෂ දෙකෙන් කොයි එක බලයට ආවත් කිසිම හොරෙකුට, මීනිමරුවෙකුට දඬුවම් ලැබෙන්නේ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) පැවසුවාය. 26 January 2020
ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි සමහර සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය කරන විමර්ශන වලදී අනවශ්‍ය දේශපාලන බලපෑම් එල්ල වූ අවස්ථා ඇතැයි අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවසීය. 26 January 2020
අයි.ඩී.එච්. රෝහලට තවත් දෙදෙනෙක් චීනයේ සිට මෙරටට පැමිණි, උණ සහ සෙම්ප්රතිශයාව වැනි රෝග ලක්ෂණ සහිත චීන කාන්තාවන් දෙදෙනාට අමතරව, තවත් රෝගීන් දෙදෙනෙකු මේ වනවිට අයි.ඩී.එච්. (උණ රෝහලේ) විශේෂ ඒකකයේ රඳවා ප්‍රතිකාර සහ පරීක්ෂණ සිදුකරන බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය. 26 January 2020
චීන කතක් ඇතුළු කතුන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට කොරෝනා වෛරසය ඇති බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් උණ රෝහලට ඇතුළත් කර තිබේ. 26 January 2020
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් සැකකරුවෝ 6,000 ක් බන්ධනාගාරයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයකින් මත්කුඩු චෝදනා මත සැකකරුවන් 6,000 ක් පමණ බන්ධනාගාරගතවී සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 26 January 2020
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී:උඩරට මඟේ ගමනාගමනයට බාධා මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 26 January 2020
කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. 26 January 2020
චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස් කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. 26 January 2020
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ජාතික මධ්‍යස්ථානයක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සායනික ප්‍රතිකාර පිණිස වන මෙරට ප්‍රථම ජාතික මධ්‍යස්ථානය රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (25) විවෘත කෙරිණි. 25 January 2020
'වැදි භාෂාව' කෘතිය එළිදකි මහියංගන දඹාන ගුරුකුල විදුහලේ ආචාර්ය දඹානේ ගුණවර්ධන මහතා විසින් රචිත ’වැදි භාෂාව’ නැමති කෘතිය දොරට වැඩුම බදුලු ජාත්‍යන්තර පොත් වසන්ත ප්‍රදර්ශනයේදි අද (25) සවස සිදුවිය. 25 January 2020
විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න මේ වන විට ජල විදුලිබල උත්පාදනය ඉතා සීඝ්රයෙන් පහළ වැටී ඇති හෙයින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිචිචි කරන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) පැවසීය. 25 January 2020
බස් - ටිපර් අනතුරකින් 11කට තුවාල කිළිනොච්චියේ කණ්ඩාවලෙයි මුරුසමුට්ටේයි ප්‍රදේශයේදී අද (25) දහවල් පෞද්ගලික බස් රථයක ටිපර් රථයක් ගැටීම නිසා පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පවසයි. 25 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026