නැගෙනහිර පළාතේ කොරෝනා ප්‍රතිකාර අංශය විවෘත කරයි නැගෙනහිර පළාත සඳහා කොරෝනා වයිරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ ප්‍රතිකාර අංශය අද (14) මඩකලපුව ශික්ෂණ රෝහලේදී ආරම්භ කරන ලදී. 14 March 2020
කොරෝනා බවට සැකකරන 103ක් රෝහල්වල කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 14 March 2020
සියලුම සිනමාශාලා වසා දමයි කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) තීරණය කර තිබේ. 14 March 2020
කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 14 March 2020
නිරෝධායන කටයුතු වල යෙදූ බස් රථයක් අනතුරට කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරෝධායන කටයුතු වෙනුවෙන් කටුනායක සිට වව්නියාව ප්‍රදේශයට ප්‍රවාහනය කර ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් අද අලුයම (14) ඒ9 මාර්ගයේ කැකිරාව හෝරාපොල මංසන්ධියේදී අනතුරට ලක්ව තිබේ. 14 March 2020
කොරෝනා ව්‍යාප්තිය ජාතික හදිසි තත්ත්වයක් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ‘ජාතික හදිසි තත්ත්වයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 14 March 2020
සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්න සේවයට පැමිණීම අත්‍යවශ්‍ය නොමැතිනම් අවම වශයෙන් සති තුනක් යනතෙක් නිවෙස්වල සිට රාජකාරීවල නිරත වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර එම සංවිධාන මූලස්ථානයේ සේවයේ නිරත සේවකයන්ට ඊයේ (13) දැනුම් දුන්නේය. 14 March 2020
සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක් කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක් පනවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) නිවේදනය කළේය. 14 March 2020
‘‘ඩී.කේ.පී දසනායක සේවයෙන් පහ නොකළේ චෝදනා නොතිබුණු හින්දයි‘‘ තමා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ අත්අඩංගුවට පත්වූ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත්වී නොතිබූ නිසා ඔහු සේවයෙන් ඉවත් නොකළ බව විශ්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (13) ප්‍රකාශ කළේය. 13 March 2020
ඉතාලියේදී කොරෝනා ආසාදනය වූ කාන්තාවට සුවයි නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇතැයි ඉතාලියේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. 13 March 2020
මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කරන්න පියවර මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 13 March 2020
කොරෝනා මඬින්න මෝදිගෙන් යෝජනාවක් කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටන සඳහා ශක්තිමත් උපායමාර්ගයක් සැකසීම සඳහා ‘සාර්ක්’ රටවල නායකයන්ගේ සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තමන් යෝජනා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 13 March 2020
හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනිප සභාපතිට ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දීර්ඝ ලිපියක් යවා ඇත. 13 March 2020
කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 5000 ඉක්මවයි ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට අද දක්වා කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ. 13 March 2020
දේශපාලන පක්ෂ 4 ක් - ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දෙති මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අද (13) වනවිට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දී තිබේ. 13 March 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යප්තවීමේ අවදානම ඉහළට බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 10,000 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එරට සෞඛ්‍ය බලධාරීහු අද (13) කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ඉහළ අවදානමක් ඇති වසංගත තත්ත්වයක් ලෙස නම්කර තිබේ. 13 March 2020
කොටස් වෙළෙඳපොළේ කටයුතු අදත් තාවකාලිකව නවතී මේ සතියේ තෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (13) මිනිත්තු තිහක කාලයක් සඳහා අත්හිටුවීය. 13 March 2020
රුපියලේ අගය පහළට ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 13 March 2020
මීගමු බන්ධනාගාරයට ගෙනා රුමේනියානුවා කන්දකාඩුවට යවයි මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ආ සැකකාර රුමේනියානු ජාතිකයකු බන්ධනාගාරය තූළට නොගෙන එම පරිශ්‍රයේ රඳවා තබා හෙට (14) කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 13 March 2020
කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 3 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 13 March 2020
කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක් කොරෝනා හෙවත් කොවිඞ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ. 13 March 2020
රටවල් 11 කට සංචාරක තහනමක් කොරෝනා වෛරසය තදින් පැතිර යමින් තිබෙන රටවල් 11 ක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම හෙට (14) සිට නතර කිරීමට රජය තීරණය කර ඇත. 13 March 2020
චීන ජාතිකයන් නිරෝධායනය නොකරන්නේ චීන රජය හරහා එය සිදුකරන නිසයි මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 13 March 2020
සජින් වාස්ට ඇප මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (13) නියම කළේය. 13 March 2020
අධ්‍යාපන විද්‍යාපීඨ - ගුරු විද්‍යාල වහයි රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල මේ මස 16 වැනිදින සිට 29 වැනිදින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 13 March 2020
රෝමයේ කතෝලික පල්ලි වහයි ඉතාලියේ කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා රෝමයේ කතෝලික පල්ලි සියල්ලම මහජනයා සඳහා වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 13 March 2020
කණ්ඩායම් වශයෙන් රැස්වෙන්න එපා ඉදිරි සති දෙකක කාලය තුළදී කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 13 March 2020
ජපුර සිසුවාගේ සිද්ධියට සිසුන් 15 දෙනෙකුට පන්ති තහනමක් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පැවැත් වු සාදයක් අතරතුර අනතුරට ලක්ව සිසුවකු තුවාල ලැබීමේ සිද්ධියක් මුල්කරගෙන ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් 15 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැන වු බව එම විශ්ව විද්‍යාල පවසයි. 13 March 2020
විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනතුරු ඇඟවීමක් සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීම සඳහා කොරෝනා වයිරසය පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හැරීම හෝ බෙදාගැනීම සඳහා සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාවට අවධාරණය කරයි. 13 March 2020
මඩකලපුව රෝහල අසල උද්ඝෝෂණය කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට මඩකලපුව ශික්ෂණ රෝහලේ අද (13) උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි. 13 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026