රාජ්‍ය ඔසුසල් වැසීමෙන් ජනතාව අසරණ වෙති රාජ්‍ය ඔසුසල අද විවෘතව තබන බව ඊයේ නිවේදනය කල නමුත් අද කොළඹ ඔසුසල් වසා තිබීම නිසා ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවකට පත්වී තිබිණි. 28 March 2020
මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට මාධ්‍යවේදියකුට මරණ තර්ජන කළ බව කියන පුද්ගලයෙකු අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය කියයි . 28 March 2020
කොරෝනා ආසාදිතයන්ට ස්වසන යන්ත්‍ර නිපදවීමට ට්‍රම්ප්ගෙන් නියෝග කොරෝනා රෝගීන් සඳහා ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේර්ස්) නිෂ්පාදනය කරන්නැයි ඇමෙරිකාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජෙනරල් මෝටර්ස් සමාගමට නියෝග කර ඇත. 28 March 2020
කුඩාවැල්ල ධිවරයෝ ඇඳිරි නීතිය ගණන් නොගනිති ලබන 30 දින පෙරවරු 06 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතියද නොසලකා කුඩාවැල්ල ධීවර වරායට අද (28) දහවල් දක්වා ධීවරයෝ ද මත්ස්‍ය අළෙවිකරුවෝද ඒකවී සිටියහ. 28 March 2020
මහර බන්ධනාගාර රැඳවියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගය කරයි කොරෝනා වයිරසරය පැතිරීම හේතුවෙන් රටේ පවතින හදිසි තත්වය යටතේ ආරක්ෂාකාරි පියවරක් ලෙස බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ. 28 March 2020
ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට පැනමාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරන එම් එස් සාන්ඩම් නෞකාවේ මගින් සිව් දෙනකු මියගොස් ඇති බව නෞකාවේ ක්‍රියාකරු පවසා ඇත. 28 March 2020
කොරෝනා සහන වැඩට ඉමදූව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක් කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ඉමදූව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා ප්‍රාදේශීය සභා අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් වෙන් කර ඇතැයි ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්තුමාර මහතා පවසයි. 28 March 2020
කොරෝනා ආසාදිතයන් 9ක් සුවය ලබා පිටව ගිහින් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 9 දෙනෙකු අද(28) වන විට සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 28 March 2020
හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂකවරයෙකු පැහැර ගැනේ කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති හදිසි අවස්ථාව හමුවේ හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂවරයෙකු පැහැර ගැනීමට ලක්වී තිබේ. 28 March 2020
කොරෝනා මර්දනයට මාතලේ ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ 50ක් මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා අද (28) දා පැවසීය. 28 March 2020
නිකවැරටියේ මෙහෙණි ආරාමයකට වියළි ආහාර ඇඳිරි නීතිය හමුවේ අසරණව සිටින මෙහෙනි ආරාමයකට වියළි ආහාර තොගයක් පිරිනැමීම මීගලෑව පොලීසිය විසින් අද (28 ) සිදු කෙරිණි . 28 March 2020
හමුදා කෝප්රල්වරයකු හා තවත් පුද්ගලයකු පුත්තලමෙන් කුරුණෑගලට පුත්තලම තබ්බෝව යුද හමුදා කදවුරේ සේවය කරමින් සිටි කෝප්රල්වරයකු හා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරීමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි . 28 March 2020
කොරෝනා සහන වැඩට නෙලුව ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 5 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නෙලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා මේ වන විට සභා අරමුදලින් රුපියල් ලක්ෂ පහක් වැය කර ඇතැයි නෙලුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම් අයි ජී සුනිල් මහතා පැවසීය. 28 March 2020
කොරෝනා මර්දනයට හාරිස්පත්තුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 100 ක් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක් ( රුපියල් කෝටියක්) වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා කීය. 28 March 2020
සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් ප්‍රතිකාර සඳහා වෙන්කරයි බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යයස්ථානයක් ලෙස යොදා ගන්නා බව බණ්ඩාරගම සෞඛය සේවා කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි. 28 March 2020
මොණරාගල රෝහල් සේවකයන්ට මුඛ ආවරණ මදිවීමෙන් දෙපැත්තම භාවිතා කරති මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල් වල සේවකයින් රාජකාරි වේලාවෙදි එකම මුඛ ආවරණය දෙපැත්ත පරිහරණය කීරීමක් සිදුකරන බව සිරිගල රෝහලේ විශෙෂඥ වෛද්‍ය පද්මක සිල්වා මහතා පැවසීය. 28 March 2020
රත්තොට සහන සැලසීමට සභාවෙන් රුපියල් ලක්ෂ 25ක් පවතින තත්වය හමුවේ රත්තොට ජනතාවට සහන සැලසීම සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදලෙන් ලක්ෂ 25 ක් ලබාදීමට කටයුතු කරන බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ජී.ටී.කුමාරසේන මහතා අද 28 පැවසිය. 28 March 2020
බුස්ස ආහාර ගබඩා සතොසට දෙන්න ආහාර දෙපාර්තමේතුව යටතේ පවතින බුස්ස ගබඩා සංකීර්ණය තාවකාලිකව නැවත භාවිතයට ගැනීම සදහා සතොසට ලබාදෙන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා විසින් ආහාර කොමසාරිස්වරයාට උපදෙස් දුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඩිලේකා කුඩච්චි මහත්මිය සදහන් කළාය. 28 March 2020
ගෙවුණු පැය 24 දී ඉතාලියේ මරණ 919 ක් කොරෝනා වයිරසය හේතුවෙන් පැය 24ක් ඇතුළත ඉතාලියේ මරණ 919 ක් සිදුව ඇතැයි එරට සිවිල් ආරක්ෂක ආයතනය සඳහන් කරයි. 28 March 2020
ඇල්පිටිය රෝහලේ ගින්නක් ඇල්පිටිය රෝහලේ සායන පවත්වන කාමරයක අද (28) පෙරවරුවේ ඇති වූ ගිනි ගැනීමකින් එහි වායු සමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 28 March 2020
නිකවැරටියේ මුස්ලිම් ප්‍රජාවගෙන් පොලිසියට පරිත්‍යාගයක් නිකවැරටිය ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව එක්ව නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අත් සේදුම් කාරක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් අද (28) සිදුකෙරිණි. 28 March 2020
නිරෝධායනය අවසන් කළ පස්වැනි කණ්ඩායමත් පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්ව තවත් 139 දෙනෙකු අද (28) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය. 28 March 2020
මධ්‍යම පළාත් සමුපකාරවලට හාල් තොග ගනී මධ්‍යම පළාතේ පිහිටි සියලු සමූපකාර සමිති මගින් ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව බෙදා හැරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය කියයි. 28 March 2020
අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞබය වෛද්‍ය කාර්යාලය කියයි. 28 March 2020
දකුණු පළාත් සභාවෙන් ගාල්ල නගර සභාවට ලක්ෂ 50 ක් කොරෝනා වසංගතය මැඩපැවැත්විම සදහා මෙන්ම නගර සභාවේ දෛනික කටයුතු කරගෙන යාම ගාල්ල මහ නගර සභාවට රුපියල් ලක්ෂ 50ක මුදලක් දකුණු පළාත් සභාව මගින් ලබාදි ඇතිබැව් ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි. 28 March 2020
‘දකුණේ වැඩිහිටි නිවාස සඳහා සති දෙකකට වියළි ආහාර ගබඩාකරගන්න’ දකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි. 28 March 2020
ගාල්ලේ ළදරු කිරිපිටි හිඟයක් ගාලු දිස්ත්‍රික්කයේ ළදරු කිරි පිටි වල හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ කියති. 28 March 2020
ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 28 March 2020
කොරෝනා අරමුදලට තවලම ප්‍රා. ලේ කාර්යාල සේවක මණ්ඩලයේ දිනෙක වැටුප රජය මගින් ආරම්භ කර ඇති සුනාමි සහන අරමුදල සඳහා තම කාර්යාලයේ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දිනෙක වැටුප පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව තවලම ප්‍රාදේශීය ලේකම් ධම්මික ඩී වීරකෝන් මහතා පැවසී ය. 28 March 2020
සායනික රෝගීන්ට බෙහෙත් දෙන්න තැපෑල එක් වෙයි රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා, මාසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නැති රෝගීන්ට ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 27 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026