කොරෝනා යැයි සැක රුමේනියානු නාවික ආරක්ෂකයා ඇතුළු දෙදෙනකු කරාපිටියට කොරෝනා වයිරසය ආසාදිත බවට සැක කරන රුමේනියානු ජාතික නාවික ආරක්ෂකයෙකු සහ ලාංකිකයින් දෙදෙනෙකු අද (29)සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය. 29 March 2020
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තය නිරෝධායනය කෙරේ කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීම සඳහා නිව්යෝක් ප්‍රාන්තය නිරෝධායනය කිරීම සඳහා සලකා බලන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. 29 March 2020
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් හෙට වැසේ ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය. 29 March 2020
හොරොව්පොතාන නගරය හෙට වැසේ පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින හොරොව්පොතාන නගරය වසා දැමීමට කොරෝනා කාර්යසාධක බලකාය අද (29) තීරණය කළ බව ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතා පැවසීය. 29 March 2020
උගුර,කන,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ජනතාවට උපදෙස් උගුර, කන සහ නාසය ආශ්‍රිතව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් මේ දිනවල මහජනයා ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා උගුර කන නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් ඇත. 29 March 2020
පාස්කු දා සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පාස්කු දින මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ දී අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 29 March 2020
සිසු හෙද පුහුණුවට අයදුම් කිරීමේ දිනය දීර්ඝ කරයි සිසු හෙඳ පුහුණුවට අභ්යාසලාහීන් විද්‍යුත් ක්‍රමයට බඳවා ගැනීමට අදාළ බාර ගැනීම අප්‍රේල් 20 වැනිදා තෙක් දීර්ඝ කර ඇත. 29 March 2020
සමෘද්ධි අත්තිකාරම් මුදල් කොටස් ලෙස ගෙවා අවසන් සමෘද්ධිලාභීන්ට ගෙවනු ලබන මුදල් අත්තිකාරමේ මුදල් කොටස වශයෙන් රුපියල් 5 000 ක් ගෙවා අවසන් යැයි සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 29 March 2020
ඉරානයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 123ක් ඉරානයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 123ක් සිදුවී ඇත. 29 March 2020
ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක් කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදුව ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (29) වාර්තා කළේය. 29 March 2020
අත්වැසුම් හිගයක් මතුවිය හැකි බව ‘ටොප් ග්ලව්’ සමාගම කියයි ඉදිරියේදී අත්වැසුම්වල හිඟයක් ඇතිවනු ඇතැයි ලොව විශාලතම අත්වැසුම් නිෂ්පාදන සමාගම වන මැලේසියාවේ ‘ටොප් ග්ලව්’ සමාගම ප්‍රකාශ කරයි. 29 March 2020
දින 9 කදී ඇඳිරිනීතිය කැඩූ 6247 ක් අත්අඩංගුවට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඇදිරිනීතිය උල්ලංඝණය කළ 6247 දෙනෙක් අද (29) දහවල් වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 March 2020
වෙලේ සුදාට සල්ලි ගෙනා සැකකරු රිමාන්ඩ් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහොමඩ් නියාස් යන දෙදෙනාට ලබාදීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙනවිත් බන්ධනාගාරය අසල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරු අප්‍රේල් 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය. 29 March 2020
අකුරණ ආසාදිතයා සමඟ සබඳතා පැවුත්වු දෙදෙනකු ඇතුළු 15 ක් මහියංගණයේදී නිරෝධායනයට මහනුවර, අකුරණ ගම්මානය සමඟ පසුගිය සතිය ඇතුළත සබඳතා පැවැත්වු පුද්ගලයන් දෙදෙනකු ඇතුළු 15 ක් මහියංගණයේදී දින 14 ක් නිරෝධායනය කිරිමට මහියංගණ පොලිස් නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් අද කටයුතු කළේය. 29 March 2020
ඌව පළාතේ පෞද්ගලික වෛද්‍ය සේවා නතර කරයි ඌව පළාත තුළ පෞද්ගලික වෛද්‍ය සේවා සියල්ල නතර කර දැමීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛා ලේකම් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 29 March 2020
අකුරණ ආසාදිතයා සමඟ සබඳතා පැවැත්වූ 16 ස්වයං නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ අකුරණ පුද්ගලයා සමඟ සෘජුවම සම්බන්ධකම් පැවැත්වු 16 දෙනෙකු හඳුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති ඒ . රාජපක්ෂ මහතා පැවැසිය. 29 March 2020
හැටන් ඖෂධහලකින් ගෙදරටම බෙහෙත් හැටන් දික්ඔය නගර සීමාවේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දීමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) ආරම්භ කර ඇත. 29 March 2020
ඇඳිරි නීතිය අස්සේ මත්පැන් සාදයක් පැවැත් වූ 2 ක් අත්අඩංගුවට රස්නායකපුර ප්‍රදේශයේ වැව් තාවුල්ලක් මත මත්පැන් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (29) අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලිසිය පවසයි. 29 March 2020
රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති ඉදිකිරීම් ස්ථාන සහ කර්මාන්ත ශාලා වසා දමා තිබීම හේතුවෙන් ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනකට රැකියා සහ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි අපසුතාවකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 29 March 2020
නවසීලන්තයෙන් පළමු කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. 29 March 2020
දියණියගේ දේහය අසළට නොයා රට වෙනුවෙන් යුතුකම කළ පියෙක් සිය වැඩිමහල් දියණිය මිය ගියත් නිරෝධායනයෙන් ඉවත් නොවී රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ පියෙක් පිළිබඳව අවිස්සාවේල්ල ඇස්වත්ත පෙදෙසින් වාර්තාවේ. 29 March 2020
එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ විදේශගත ලාංකිකයින් සදහා විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” සජීවී අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇතයි එම අමාත්‍යාංශය කියා සිටී. 29 March 2020
කොරෝනා ආසාදිතයකු ඇසුරු කළ මුහුදු ගිය ධීවරයෝ 10 ක් ගොඩබිම ගෙනෙති කොරෝනා වයිරසය ආසාදිතයකු ඇසුරැ කළ බව කියන පුද්ගලයකු ධීවර කටයුතු සදහා ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඔහු සමග ධිවර කටයුතු සදහා ගොස් සිටි ති‍්‍රකුණාමලය ප්‍රදේශයේ ධීවරයින් 10 දෙනකු අද (29) අලූයම මුහුදේ සිට ගොඩබිම වෙත ගෙන්වාගෙන නාවික හමුදා ති‍්‍රකුණාමලය විදුර නාවික හමුදා කදවුර තුළ දින 14 ක නිරෝධායනයට යොමුකළ බව නාවික හමුදාව පවසයි. 29 March 2020
මධ්‍යම පරිසර අධිකාරිය අතවශ්‍ය සේවාවක් කරයි මධ්‍යම පරිසර අධිකාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 29 March 2020
කොරෝනා ආසාදිත තවත් ලාංකිකයෙක් ලන්ඩන් නුවරදී මරුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 29 March 2020
පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. 29 March 2020
ජර්මනියේ කොරෝනා මරණ 389 ක් දක්වා ඉහළට ජර්මනියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52,547ක් දක්වා වැඩි වී ඇතැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 389ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට රොබට් කොක් ආයතනය අද (29) සඳහන් කළේය. 29 March 2020
හම්බන්තොට ඖෂධ බෙදාහැරීම අද සිට ක්‍රියාත්මකයි හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙතට බෙදාහැරීමේ කටයුතු අද(29) දින සිට ආරම්භ කරන බව දිස්ත්‍රීක් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා පවසයි. 29 March 2020
අයිඩිඑච් රෝහලේ සිටි කොරෝනා ආසාදිතයෙක් සුව ලබා පිටව යයි කොරෝනා ආසාදනය වී අයිඩිඑච් රෝහලේ පුතිකාර ලබමින් සිටි තවත් එක් ආසාදිතයකු සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 29 March 2020
කොරෝනා අස්සේ මිසයිල යවති උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි. 29 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026