බස්නාහිර ඇඳිරි නීතිය සතියක් දීර්ඝ කරයි බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 01 November 2020
පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකරන්නැයි වෛද්‍යවරු ඉල්ලති ‘කොවිඩ්-19’ අවදානම කෙරෙහි අවධානය ඒකාකාරීව තබා ගනිමින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (1) පැවැසීය.සමාජයේ අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ද දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නැයි ද හෙතෙම කීය. 01 November 2020
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ. 01 November 2020
සෞඛ්‍ය සේවයේ 50 කට කොරෝනා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනහකට ආසන්න පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 01 November 2020
ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්මවා වාර්තා වූ පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත. 01 November 2020
බණ්ඩාරවෙල රූගත කිරීමක නිරතව සිටි ජනප්‍රිය නිළියක් ඇතුළු 24 ක් නිරෝධායනයට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූගත කිරීමක් කරමින් සිටි ජනප්‍රිය නිලියක්ඇතුළු 24 දෙනෙකු බණ්ඩාරවෙල ප්‍රධාන හෝටලයක දී අද (1) නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි. 01 November 2020
බ්‍රිතාන්‍යයත් අගුළු දමයි ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේය. 01 November 2020
කෑගල්ලට සංචරණ සීමා කෑගල්ල දිස්ත්‍රික්කයේ නවාතැන් සපයන සියලුම ස්ථාන වසා දැමීමටත් සංචරණ සීමා දැඩි කිරීමටත් දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුව තීරණය කරනු ලැබීය. 01 November 2020
පොලිස් නිලධාරියෙක් උපන්දින සාදයකට ගිහින් පවුල් 36 ක් නිරෝධායනයට කොරෝනා වෛරසය ආසාධිත වූ පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 36 ක පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(01) දා පැවසීය. 01 November 2020
නුවරඑළියේ නිවාඩුට ආ 15 ක් ලැඟුම්හල්වලම නිරෝධායනයට බස්නාහිරට ඇදිරිනීතිය පැනවීමත් සමගම නිරෝධාන නිතිරීති නොසලකා නුවරඑළියේ නිවාඩු ගත කිරීමට පැමිණි 15 දෙනකු ඔවුන් ලැගුම්ගත් ස්ථානවලම නොවැම්බර් 11 දක්වා නිරෝධානයට ලක්කිරීමට නුවරඑළිය සෞඛ්‍ය අංශය හා පොලිසිය එක්ව කටයුතු කලහ. 01 November 2020
ඇඹිලිපිටියේ උසාවි කටයුතු සතියක් නවත්වයි කෝවිඞ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණ වල නඩු විමසීම නොවැම්බර් 02 දින සිට 06දා දක්වා වූ දින පහක කාලය තුල විවෘත අධිකරණයේ නඩු විභාග කටයුතු නීතීඥ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව සිදු නොවන බව නීතීඥවරු පැවසූහ. 01 November 2020
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් වසා දමයි බොරැල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත. 01 November 2020
සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි සීගිරිය සංචාරක පොලිස් ස්ථානයයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (31) දින මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 01 November 2020
සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනරි මියගොස් ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. 01 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 239 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (31) රාත්‍රී 9.35 වනවිට ආසාදිතයන් 239 දෙනෙකු එක් වී තිබේ. 31 October 2020
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ 31 October 2020
ගැබිනි සහ ප්‍රසව රෝගී මව්වරුන් ළඟම රෝහලට යන්න ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පවතින මව්වරුන්ට අසනීප සහ අවදානම් සහිත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 31 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ ඇගලුම්හල ආශ්රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(31) පෙරවරුව වනවිට 6946ක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 31 October 2020
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලොක්කෙක් ඇතුළු 4කට කොරෝනා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 31 October 2020
සුවය ලැබූ 117 ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 117දෙනෙකු අද(31) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 31 October 2020
බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් (31) දින ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා පැවසිය. 31 October 2020
බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 31 October 2020
කල්පිටියේ නිවසක සංවිධානය කර තිබූ උත්සවයක් නවත්වයි කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ මංගල්‍ය උත්සවයක් කල්පිටිය පොලිසිය මැදිහත්ව නවතා දමා තිබේ. 31 October 2020
අයියාගේ කැති පහරින් මල්ලී මරුට මහියංගණය හද්දත්තාව ගම්මානයේදී 31 හැවිරිදි මල්ලීට කැත්තකින් පහරදී ඝාතනය කළැයි සැකපිට 36 හැවිරිදි අයියා අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි . 31 October 2020
බෙල්ජියම අඟුළු දමයි කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ. 31 October 2020
ශ්‍රී ලංකාවේ 20 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි කොරෝනා ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ. 31 October 2020
මාතලේ පොළ වසා දමයි රට තුළ පවතින කොරොනා තත්වය හේතුවෙන ඉරිදා දින මාතලේ නගරයේ පවත්වනු ලබන පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමිමට තිරණය කර ඇති බව මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසිය. 31 October 2020
අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.05 වනවිට තවත් ආසාදිතයන් 319 දෙනෙකු එක් වී ඇත. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ ගියේය. 30 October 2020
රටම වසා දැමීමේ අවදානමක් රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (30) පැවැසීය. 30 October 2020
පන්සලට කඩාවැදුන වන අලියා දරුවා පාගා මරයි කරුවලගස්වැව - රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පුජාවකට සහභාගි වෙමින් සිටි වයස අවුරුදු හතරක දරුවකු වන අලි ප්‍රහාරයකින් අද (30) මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 30 October 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026