රාජ්‍ය සේවයේ අවම කාර්ය මණ්ඩලයක් පමණයි මේ වන විට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන ඇදිරීනිතිය හෙට (9) දින ඉවත් කළද රාජ්‍ය සේවයේ අතවශ්‍ය,අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවිය යුතු යැයි රාජ්‍ය සේවා ,පළාත් හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. 08 November 2020
බස් - දුම්රිය කුරුණෑගල නතර නොකරයි කොරෝනා අවදානම මත හෙට සිට නිරෝධායනයට ලක් කර ඇති කුරුණෑගල නාගරික බළ ප්‍රදේශය හරහා ගමන් කරන කාර්යාල දුම්රිය සේවා සහ දුර ගමන් සේවා බස් සේවා කුරුණෑගල නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරි සඳහා කොළඹ බලා යන රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය සේවා වල සහ ආරක්ෂක අංශ වල සේවයෙහි නියුතු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 08 November 2020
දුරකතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 කට දේශපාලන පලිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ හෙට (9) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (8) සිතාසි නිකුත් කළේය. 08 November 2020
ඇමෙරිකානු නව ජනාධිපතිවරයාට සජිත්ගෙන් සුබපැතුම් ප්රජාතන්ත්රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් හා පුද්ගලික නිදහස වෙනුවෙන් වූ අරගලයේදී නායකත්ව කාර්ය භාරයක් ඉටු කරනු උදෙසා වූ ප්රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අභිනවයෙන් තේරී පත්වූ ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් පණිවිඩයක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 08 November 2020
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනය වීම සඳහා රඳවා සිටි රැඳවියන් අතරින් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීමෙන් ඔවුන් සියලු දෙනා වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර දෙපාර් තමේන්තුව පවසයි. 08 November 2020
ජනපති කොමිසමේ කාලය දිගු කරන්න ජනපතිගෙන් අවසර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 23 වැනි දා දක්වා දීර් ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කොමිසම වෙත නිර් දේශ නිකුත් කර තිබේ. 08 November 2020
අතුරුගිරිය රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු 11 ක් නිරෝධායනයට අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවු රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බවට වාර් තා වීමත් සමග එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඇතුළු 11 දෙනකු ස්වයං නිරෝධායනයට කර රෝගීන් ඇතුළත් කර ගැනීම අද (8) සිට තාවකාලිකව නවතා දැමිමට පියවර ගත් බව අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.පී සුබසිංහ මහතා පැවසීය. 08 November 2020
ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් මරණයට පත්ව ඇතිබව හලාවත රෝහල් අධ්යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි. 08 November 2020
ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක් ඇමෙරිකානු ඉතිහාසය අලුත් කරමින් කමලා හැරිස් මහත්මිය එරට උප ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව බවට පත්වූවාය. 08 November 2020
ඇඳිරිය හෙට ඉවත් කළත් සමහර ප්‍රදේශ හුදෙකලා කරයි මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට ඉවත් කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 08 November 2020
ඇමරිකානු ජනපතිවරණයේ ජය ජෝ බයිඩන්ට ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284 ක ජය හිමි කරගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අද (7) සමත් විය. 07 November 2020
අද කොරෝනා මරණ 4ක් අද (07) දිනයේදී කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 07 November 2020
ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කරයි ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීහු අද (07) පියවර ගත්හ. 07 November 2020
බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන්ට කොරෝනා බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 07 November 2020
කුරුණෑගල නිරෝධායන ඇඳිරි නීතිය බල ප්‍රදේශ 2ක කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් මේවනවිට ක්‍රියාත්මක වන බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. 07 November 2020
පෑලියගොඩ කොරෝනා පොකුරේ නව ආසාධිතයින් 257ක් අද (07) දිනයේදී පෑලියගොඩ කොරෝනා පොකුරේ නව ආශ්‍රිතයින් 257කට කෝවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. මේ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවල සමස්ත ආසාධිතයින් ගණන 9749කි. 07 November 2020
තැපැල් කාර්යාල 2ක් ඖෂධ බෙදීම ප්‍රතික්ෂේප කරයි ඖෂධ බෙදාදීමේ වැඩපිළිවෙළ සෞඛ්යාරක්ෂිත නැතැයි පවසමින් බොරැල්ල හා හැව්ලොක් පෙදෙස ප්‍රධාන තැපැල් කාර්යාල දෙක අද (07) ඖෂධ බෙදීමේ කටයුතුවලින් ඉවත්ව සිටි බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 07 November 2020
ධවල මන්දිරයේ ප්රධානියාටත් කොරෝනා ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 07 November 2020
කරන්දෙණිය දිසා රෝහලෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට කරන්දෙණිය දිසා රෝහල අද (7) සිට කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත. 07 November 2020
සහරාන්ගේ බිරිඳටත් කොරෝනා පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන සහරාන් හසින්ගේ බිරිඳටද කොරෝනා රෝගය ආසාදනය වීම නිසා අද (07) පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 07 November 2020
ජෝ බයිඩන් ඡන්ද සමූහ 270 ආසන්නයටම ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මේ වනවිට ජනාධිපති ධුරයට සමීප වෙමින් සිටින්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ජනපද දෙකේදීම ට්‍රම්ප් පසු කර යමිනි. ධවල මන්දිරය කරා ගමන් ගන්නා ගමනේදී ඡන්ද සමූහ එසේත් නැතිනම් ඡන්ද සමූහ 270ක බලය තහවුරු කරගත යුතු අතර හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට ඒ ආසන්නයටම පැමිණ ඇත. 07 November 2020
විෂබීජහරණයට පැමිණි නගර සභා සේවකයෝ මුදල් භාණ්ඩ සොරාගෙන යති කොවිඩ් 19 වයිරසය අසාධනය වූ අසාධිතයෙකු හමුවීම නිසා වසා දමා තිබූ හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍ය වෙළඳපලේ විෂබීජ හරණයට ලක් කිරීමට ඊයේ (06) පැමිණි හැටන්, දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළඳසැලේ තිබු මූදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍ය වෙළෙඳපලේ කලමණාකාරවරයා පැවසීය. 07 November 2020
කටුගස්තොට ආර්ථිකයේ කටයුතු අද සාමාන්‍ය පරිදි කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය වෙත අද (07) එළවළු තොග විශාල වශයෙන් ලැබුණු බවත්, ව්‍යාපාරික කටයුතු සුපුරුදු පරිදි සිදු වූ බවත්, ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් එළවළු මිළ දී ගැනීම සඳහා පැමිණි බවත් වෙළඳ සංගමය කියයි. 07 November 2020
බෝතලයත් මාරක ආයුධයක් වෙයි අම්බලන්ගොඩ තිලකපුර පොල්කෑල්ල මාර්ගයේ යතුරු පැදියකින් ගමන්ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කරන ලද බෝතල් ප්‍රහාරයකින් මල්ලී මියගොස් අයියා තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 07 November 2020
30 වැනි කොරෝනා මරණය වාර්තා වේ කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු මිය ගොස් ඇතැයි අද (06) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. මෙය මෙරට 30 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වේ. 06 November 2020
අද දිනයට කොරෝනා අසාදිතයන් 400 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (06) පස්වරු 10.10 වනවිට එක් වූ ආසාදිතයන් 187 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 400 ක් දක්වා ඉහළ ගියේය. 06 November 2020
ශ්‍රී ලංකාවේ කොවිඩ් වයිරසය 3 වැනි මට්ටමට ළඟා වෙලා ශ්‍රී ලංකාවේ කොවිඞ් වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය. 06 November 2020
ඇමති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 06 November 2020
තුන්වැනි කොවිඩ් රැල්ල ජනවාරියේදී ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය. 06 November 2020
කොරෝනා සහන ණය කාලය මාස 9 ක් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා ලබාදුන් 4% ණය යෝජනා ක්රමයේ සහන කාලය මාස 9ක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 06 November 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026