නුවරඑළියට එන්න:සෞඛ්‍යයට මුල්තැන දෙන්න විනෝදය සඳහා නුවරඑළියට පැමිණීම ගැටළුවක් නැති බවත් එසේ පැමිණෙන්නන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම අනුගමනය කරන්නැයි විශේෂ ඉල්ලීමක් කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසී ය. 27 April 2021
විකෘති ප්‍රභේද ගැන අද සිට විශේෂ පරීක්ෂණ ලෝකයේ විවිධ රටවල පැතිර ඇති වෙනස් විකෘති කොරෝනා ප්‍රභේද ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්තව ඇත්දැයි සොයාගැනීම සඳහා වූ පරීක්ෂණ අද (27 )ආරම්භ කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 27 April 2021
අරක්කු බෝතලේ ස්ටිකරය ගැන වාර්තාවක් ඉල්ලයි දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවිමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍යංශයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. 27 April 2021
කොරෝනා මරණ තව තුනක් කොවිඩ් ආසාදිත තවත් තිදෙනකුගේ මරණ අද (26) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 647 ක් දක්වා ඉහළ ගියේය. 26 April 2021
ආනයනික අර්තාපල් බද්ද රුපියල් පනහකින් ඉහළට ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. 26 April 2021
අද කොවිඩ් -19 ආසාදිතයන් 952 ක් දක්වා ඉහළට කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 60දෙනකු වාර්තාවීමත් සමඟ අද (23) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 952 ක් දක්වා ඉහළ ගියේය. 26 April 2021
මොනරාගල පාසල් 15ක් වැසෙයි කෝව්ඩ් අවදානම සමබන්ධයෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලිමක් සැලකිල්ලට ගනිමින් ඌව පලාත් මොනරාගල අධ්‍යපන කොට්ඨාශ තුනක පාසල් 15ක් වසා දැමිමට ආණුඩුකාරවරයා උපදෙස් ලබාදුන් බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි. 26 April 2021
ගාල්ලේ ගම් දෙකක් හුද කලා කරයි ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම් අද දින රාත්‍රී 8.00 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 26 April 2021
බුදු පිළිමයක් සොයා කාමරයක විශාල කැණිමක් ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ කාමරයක ඉතා සූක්ෂම ලෙස විශාල කැණීමක් සිදු කළ පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි. 26 April 2021
නව ලේකම්වරු පහකට තානාපතිවරු දෙකකට අනුමැතිය රජයේ අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පස් දෙනකු සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. 26 April 2021
තලංගම ව්‍යාපාරිකයෙක් මරා පුළුස්සලා තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර මාතලේ රත්තොට කැළයකදී පුලූස්සා දමා තිබියදී සොයාගත් බව පොලීස් මූලස්ථානය පවසයි. 26 April 2021
බස්නාහිර සහ වයඹ සියලු පාසල් වසයි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි. 26 April 2021
දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය හරින්ට එරෙහි වෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් දෙන්නැයි දැනුම් දීමත් සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලක සැඟව සිටින බවට චෝදනා කරමින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කර තිබේ. 26 April 2021
වැඩ හරිදැයි බලන්න ජනපති වෙලංවිටට ගම සමග පිළිසදර පළමු වැඩසටහන පැවැත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගම්මානයේ චාරිකාවක අද ( 26 ) නිරත විය. 26 April 2021
පන්නල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තාවකාලිකව වහයි පන්නල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මැයි මස 02 වන දින දක්වා වසා තැබීමට වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් තීරණය කර ඇති බව වයඹ පලාත් අධ්‍යාපන අධ්යක්ෂ අසෝක ජයලත් මහතා පැවසීය. 26 April 2021
කොරෝනා ආසාදිතයන් තවත් 892ක් කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 892 දෙනෙකු අද (26) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇත. 26 April 2021
හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදය හුදෙකලා කරයි කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු අද (26) හමුවීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි. 26 April 2021
බිංගිරියේ ඇඟළුම් හලකට එරෙහිව විරෝධතාවක් බිංගිරිය විලත්තව දුමිමලසුරිය ප්‍රදේශයේ ඇගලුමි ක්රමාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර ගිය කටතතාවක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව වසා දමන්නැයි ඉල්ලා විලත්තව ඇතුලු අවට ප්‍රදේශවල වැසියෝ එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ. 26 April 2021
‘‘දුම්රිය සේවකයන් අනාරක්ෂිතයි‘‘ ආසන ප්‍රමාණයට මගීන් රැගෙන යාම ඇතුලූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නැයි රජය උපදෙස් දුන්නත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 26 April 2021
ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසකට කොරෝනා කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පිහිටි ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසක් ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම මධ්‍යස්ථානය වසා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 26 April 2021
දරුණු ගණයේ අපරාධකරුවන් තව 40ක් බූස්සට දිවයිනේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටි දරුණු ගණයේ අපරාධකරුවන් තවත් හතළිස් දෙනකු ගාල්ල බූස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිර මැදිරිවල රැඳවූ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසී ය. 26 April 2021
දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් අටක් හුදකලා කරයි ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධරී වසම් අටක් අද රාත්‍රී 8 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 26 April 2021
රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරයි කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි. 26 April 2021
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා සීමා කරයි කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාළව ලබාදෙන සේවාවන් සීමා කිරීමට සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 26 April 2021
‘‘කොළඹ,කුරුණෑගල සහ මහනුවරින් වෙනස්ම වයිරසයක්‘‘ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ,කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවල වෙනස්ම වෛරස් ප්‍රභේද තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි. 26 April 2021
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලය වසයි බත්තරමුල්ල ,කොස්වත්තේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයසිය කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම කාර්යාලය හෙට සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. 26 April 2021
බුත්තල කඩ සාප්පු වසයි බුත්තල නගරය ආශ්‍රිතව හා ගම්මාන කිහිපයකින් කෝවිඩි ආසාදිතයන් වාර්තාවීමත් සමග නගරයේ සියලු කඩ සාප්පු එක් දිනක් වසා දමා තත්වය පාලනය කිරිමට වෙළඳ ප්‍රජාව තිරණය කළ බව බුත්තල වෙළධඳ සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පවසයි. 26 April 2021
ටිපර් - ට්‍රක් ගැටී හමුදා සෙබළු 13ක් රෝහලට යාපනය කෝපායි උරුම්පිරායි හන්දියේදී අද (26) අලුයම යුදහමුදා ට්‍රක් රථයක් හා වැලි පිටවූ ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් යුදහමුදා සෙබළුන් 13 දෙනකු ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි. 26 April 2021
අධිවේගයේ යකඩ ගිල්ල හතක් අල්ලයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ගනේගොඩ ප්‍රදේශයේ වැඩ බිමකින් රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනා දැවැන්ත යකඩ කඳන් තොගයක් හා තහඩු ඇතුළු දේපල සොරාගෙන ගිය බව කියන වැඩබිමේ සේවකයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් හත් දෙනකු සොරාගත් යකඩ තොගය හා ප්‍රවාහනය කළ ලොරි දෙකක්ද සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 26 April 2021
උපදෙස් නොතකා චෙල්වනායගම් ගුණ සමරයි ඉංගෙයි තමිල්අරසුකච්චි පක්ෂයේ නිර්මාතෘ හා එහි හිටපු නායක දිවංගත එස්.ජේ.වි. චෙල්වනායගම් මහතාගේ 44 ගුණානුස්මරණ වෙනුවෙන් අද (26) ත්‍රිකුණාමලය තිරුඥාන සම්බන්ධන් වීදියේ චෙල්වනාගයම් පිළිරුවට මල්දම් පලදවා සිහිකිරිමේ උත්සවය පොලිසියේ උපදෙස් නොතකා සිදු කිරීමට රැස්ව සිටි පිරිස් කටයුතු කළහ. 26 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026