IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හොරට කාන්තාවන් රට යැවූ කතකට සිර දඬුවම්

(කාංචන කුමාර ආරියදාස)

ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සහ වසර පහකට අත්හිටවූ මාස 6 ක සිර දඬුවමක්  නියම කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය.

කාන්තාවන් රවටා ඔවුන් සංචාරක වීසාවලට ගෘහ සේවිකාවන්  ලෙස මැදපෙරදිග යැවීමේ චෝදනාව යටතේ මේධා තරංගනී කළුආරච්චි නම් එම කාන්තාව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
 
අදාළ කාන්තාව විසින් සංචාරක වීසා මත ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා තම බිරිඳ විදේශ රටක ගෘහ සේවය සඳහා පිටත් කරනු ලැබ අතරමං කළේ යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගලේවෙල ප්‍රදේශයේ සැමියකු කළ පැමිණිල්ලක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විශේෂ වැටලීමක් කර මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබිණි.

එම කාන්තාවට  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ එයාකාරයෙන්ම නඩු දෙකක් පවතින බව විදේශ නියුක්ති කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබිණි.
 



අදහස් (1)

හොරට කාන්තාවන් රට යැවූ කතකට සිර දඬුවම්

රාජුන් Thursday, 23 November 2017 04:37 AM

ලකෂයක් කජ්ජක්ද, නේද අනේ? මාස හයක්? අනේ මගේ කට!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site