මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට කොමිසම අද (17) අවසර දුන්නේය.
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු ආරම්භ වු අවස්ථාවේදී කොමිසම හමුවේ පෙනී සිටි නීතීඥ හර්ෂ නානායක්කාර මහතා කොමිසම අමතමින් මෙම කොමිසමේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
කොමිසමේ සාක්කිකරුවෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥවරයෙකුට පෙනී සිටීමට කොමිෂන් සභා පණත යටතේ හැකියාව ඇතැයි පෙන්වා දුන් නීතීඥ හර්ෂ නානායක්කාර මහතා ඒ අනුව තම සේවාදායකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම ඒ සඳහා අවසර ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහකාර අධ්‍යක්ෂ වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥවරයකුට අවසර