රංජන් කස්තුරි
රටපුරා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියතුව සිටින සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරු අනිද්දා (12) එක්දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ මේ වනවිට ලක්ෂයක පමණ නිලධාරීන් පිරිසක් සේවය කරන අතර ඔවුන් අනිද්දා සේවයට වාර්තාකිරීමෙන් වැළකෙන අතර පෙරවරු 11.30ට බොරැල්ල ඩී.එස්.සේනානායක වටරවුමට රැස්වී එතැන් සිට විරෝධතා පා ගමනකින් ගොස් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.
සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරුන් සියලු දෙනා එම්.එන් - 4 වැටුප් තලයේ සිට එම්.එන් - 5 වැටුප් තලයට අන්තර් ග්‍රහණය කිරීම, උසස්වීම් පටිපාටියක් ඇති කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම , අහිමිකළ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ලබාදීම හා ඉල්ලීම් මුල් කරගනිමින් ඔවුහු එම වර්ජනයේ නිරත වෙති.
COMMENTS
මෙච්චර දේවල් ඉල්ලන්නේ බදු ගෙවන මිනිස්සුන්ට මෙයාලාගෙන් ඇති වැඩේ මොකක්ද?
ඇත්තටම මෙයාල මොනවද කරන්නේ? හරියට සංවර්දනය වෙලා රට.
ප්‍රතිපත්කියක් නැති කමේ විපාක උපාධිධාරීන් ව්‍යවසායකයන් කරවනවා වෙනුවට තමන්ගෙ බඩගෝස්තරය රැක ගැනීමට භාවිතා කිරීමේ "දේශපාලන" ප්‍රතිඵල
මේ අයගේ රාජකාරිය කුමක්ද? මාසෙකට ඉටුකරන වැඩ ලැයිස්තුවක් තිබේද?කොපමණ ඵලදායක රැකියාවක්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරදෙන්න.
ඉක්මනට ඉල්ලීම දෙන්න,මෙයාලා වර්ජනය කරොත් රටම ඉවරයි..
වැඩක් නොකර පඩි ගන්න මෙයාලව පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවලට අනුයුක්ත කරන්න.
වැඩ නොකර ඉන්න කලින් මේ අය කරන වැඩ මොනවද කියල පැහැදිලි කල යුතුයි
දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්... සංගමන් කන්දේ සිට කොළොඹ කොටුව දක්වා වුත් සතර දික් භාගයේම ජීවත් වන රජයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ, පෞද්ගලික අංශයේ සහ ස්වයං රැකියා සේවයේ මතු නොව අහිංසක යාචකයින් ඇතුළු සුවහසක් හුදී ජනයා විඳින්නට තරම් අපහසු කප්පරක් තරම් වූ දුක්ඛ දෝමනස්සයන් කරපින්න ගෙන කලදවස ගෙවති. පාලකයෝ නැසූ කන්ව සිටී . මේ රට ගොඩ ගන්න දැන් තියෙන්නේ එකම විකල්පයයි. ඒ සොඳුරු සොඳුරු ආඥා දායකයෙකුගේ ආගමනයයි. එහෙම නූනොත් මේ මුතු ඇටේ නිකන්ම නිකං කැට කැබලිත්තක් වීම වැලක් විය නොහී .
රාජ්‍ය සේවයේ ඉන්න පලකටම නැති පිරිසක්. වැඩිදෙනෙක් ගෙදර ඉඳන් නිකං පඩි ගන්න අය. තව වැඩිකරලම දෙන්න.