(තරිඳු ජයවර්ධන)
පානදුර ආදී ප්‍රදේශ කිහිපයක සුනාමි අවදානමක් යැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
සුනාමි අවදානමක් ගැන කියමින් පැතිර යන කටකතාවක් නිසා මුහුද ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක වැසියෝ බියට පත්වී සිටිති.
සුනාමි අවදානමක් ඇතිවීමට නම් මුහුද ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පාවක් ඇති විය යුතු බවත් එවැනි කිසිදු තත්ත්වයක් මේ වන විට වාර්තාවී නැති බැවින් බිය විය යුතු නැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙක් පැවසිය.
මෙවැනි හදිසි ආපදා තත්ත්වයක දී ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන කඩිනමින් ජනතාව දැනුවත් කිරිමේ කටයුතු සිදු කරන බැවින් කට කතා වලට නොරැවටන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමි කතාව බොරුවක්