චමිල් රූපසිංහ
මහනුවර විලියම් ගොපල්ලව මාවතට යාබදව සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවාස තුනක් හා ව්‍යාපාරික ස්ථාන දෙකක් අධික වර්ෂා තත්ත්වයත් සමඟ ගිලා බැසීමට ලක්ව ඇත.
පෙරේදා (08) පස්වරුවේ සිට මහනුවර හා ඒ අවට ප්‍රදේශ වලට ඇද හැලුණු අධික වර්ෂා තත්ත්වයත් සමඟ මෙම නිවාස හා ව්‍යාපාරික ස්ථාන ගිලා බැසීමට ලක්ව තිබෙන අතර ඒවා අතරින් කිහිපයක් අනවසර ඉදි කිරීම් බව මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා පැවැසිය.
මැද ඇල ආශ්‍රිතව සිදුකර තිබෙන අනවසර ඉදි කිරීම් හේතුවෙන් අධික වර්ෂා තත්ත්වයකදී ජලය බැස යාමට ඇති කාණු පද්ධති පවා අවහිර වී ඇති බවද කාණු වලින් උතුරා යන ජලයෙන් නිවාස රැසක් යටවී තිබෙන බවද ප්‍රදේශවාසීහූ පවසති.
හානියට පත්වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදුකර දෙන බව මහනුවර නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.




COMMENTS
මහනුවර විලියම් ගොපල්ලව මාවතේ මැද ඇල ආශ්‍රිතව සිදුකර තිබෙන අනවසර ඉදි කිරීම් සියල්ල ඉවත්කර, මර්ගය පුළුල් කලහොත් මුල්ගම්පල සිට මහනුවරට ඇති මර්ග තද බදය නැතිවෙයි.
මහනුවර CITY CENTER හී ඉදිකෙරීමක් හේතුවෙන් වැවට පහලින් ඇති මාර්ගයද ගිලා බසිමින් පවතී. මෙහි වීථි රේඛාවක් ගැන සැලකීමක් නොමැති අතර මාර්ගයද අල්ලා ඉදිකිරීම කරගෙන යයි. මුදලට නිලධාරීන්/බලධාරීන් නිදිවදිමින් සිටිති.
අනවසර ඉදිකිරීම් කරනකන් කවුරුත්ම දැක්කේ නැද්ද
අනවසර ඉදිකිරීම් නම් , ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ ආයතන මැදිහත්විය යුත්තේ ඇයි? වියදම් කරන්නේ මහජන මුදල් නේද?