(අංජුලමහික වීරරත්න)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට කලින් ගෙන තිබු තීරණය අත්හැරීමට රජය තීරණය කර තිබේ.
රජය විසින් එළඹ තිබෙන නව තීරණය අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය,පෞද්ගලික පොදු සමාගමක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිතය.
වෘර්තිය සමිති,ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ රැකියා වල නියුතු පාර්ශව හා ආර්ථික උපදේශකයන් විසින් දුන් කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මත්වරුන් ඉහත තීරණයට එළැඹ සිටියි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන නව ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය පෞද්ගලික අංශයේ ප්‍රබල සමාගමක් තෝරාගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිතව ගුවන් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතයි.
ජනාධිපති හා අගමැති සිටින ස්ථාවරය අනුව ශ්‍රී ලංකා ගුවන් සමාගමට අදාල ඉදිරි කටයුතු රාජ්‍ය ව්‍යවසාය කටයුතු නව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.
COMMENTS
ඉතාම වැදගත්, අගය කල යුතු තීරණයක් !
ගන්න කවුරුවත් නැතුව ඇති
අර නුවරට පාරක් කැපුවා වගේ වෙයිද දන්නේ නෑ....
ඇත්ත හේතුව මේක ගන්න මෙතෙක් කිසිම සමාගමක් ඉදිරිපත් නොවීමයි
ෂුවර් එකට කවුරුත් ගන්න බැහැ කියන්න ඇති. නැතිනම් අපේ අය විකුණන්නේ නැතිව ඉදි.
රටට බරක් නොවෙන විදියට ගෙනියනවානම් කොහොම කලත් එකයි.
ආයේ සැරයක් අර රජ පවුලේ කෙනකුට දෙන්න බැරිද! ඒ ගොල්ලෝ ජනතාවගේ සම්පත් ඒ ගොල්ලන්ගේ වගේ පරිස්සම් කරන්න හරිම හපන්නු නොවැ!!!
තීරණය ඉතා හොඳයි.
පුර්ණ අධීක්ෂණය යටතේ, ......මිලියන් 300 - 400 බැංකුවේ තියන ඇමතිවරයෙක්
ඒකනේ කියන්නේ, මොකට හදිස්සි වෙනවාද ඕක විකුනන්න. තව තියෙන්නේ ඕන තරම් දේවල්. ඒවා ඉවර කරලම මේකට බහින්න පුළුවන් නේ.
එය එයාර් ලංකා ව තිබුණු අවදියේදී දකුණු ආසියාවේ ජනප්‍රියතම, උසස්ම, ලාබදායකම ගුවන් සේවය විය. ශ්‍රී ලංකාවේ අභිමානය විය. නියමිත වෙලාවට ගුවන් ගමන් ආරම්භ කල අවසන් කළ ජනතා හිතවාදී ගුවන් සේවය විය. මහජනතාවට සපයන සේවය ඉතා උසස් මට්ටමේ එකක් විය. එයාර් ලංකා ගුවන් සේවයෙන් විදේශ ගමනක් යාම ජනතාවට ආඩම්බරයක් විය. රජය කිසි විටෙක එය පවත්වා ගෙන යාමට සහයකයින් හවුල් කරුවන් සෙව්වේ නැත. රටට හිමි ජාතික සම්පතක් විකුණා දමන තුරු දේශපාලකයින් හට නින්ද නොපැමිණියේය. එය විකුණා දමන දවසේ එවකට සිටි ගුවන් සේවා ඇමති කිව්වේ එයාර් ලංකා සේවයේ වෙනස් වන්නේ එහි සලකුණ පමණක් බවයි. එහි ආඩම්බර ජනක අභිමානවත් සලකුණ වූ මොනරා වෙනස් විය. එය තවත් ගුවන් සේවයක කුලී රථ සේවය බවට පත් විය. ඉරාකයේ එවකට විනාශ වූ තෙල් ලින් වල ගිලුණු කුරුල්ලෙක් වැනි සලකුණක් මොනරා වෙනුවට පැමිණිනි. අද මේ ජාතික සම්පතට වී ඇති අබග්ගය රටේ ජනතාව විසින් සිදුකරන ලද දෙයක් නොවේ. එසේ නම් මේ අපරාධය මේ ජාතික අභිමානයට සිදු කළෝ කවරහුද? සත්‍ය මෙයනම් අපි එය කතා නොකර සිටිමුද?
තිත්ත ඇත්ත නම්, තව දුරටත් පාඩු ලබන එයාර් ලංකා නඩත්තු කිරීමට අපේ රටේ කවදාකවත් ගුවන් යානයක නොගිය දුප්පත් මිනිස්සුන්ගෙන් බදු මුදල් ලබා ගැනීමට සිදු වීමයි.