කොරියානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 375ක (ඩොලර් මිලියන 2.5) ක් ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කිරීමට අවධානය යොමු වී ඇත.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදානය ලැබේ.
මෙම මුදල් ජලජිවි වගා සංවර්ධන අධිකාරියට ලබාදී දේශීය ජලජිවි වගාව වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. මේ වන විටත් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සමග සාකච්ජා කර අදාළ ආධාර වැය කළයුතු ව්‍යාපෘති හඳුනාගෙන ඇත .
ඉස්සන් හා මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත පුරයක් සදහා මෙම කොරීයානු ආධාර යෙදවීමට යෝජනා ඉදිරිපත්ව තිබේ . ඊට අමතරව කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය විසින් නිවාස 100 කින් සමන්විත ධීවර නිවාස ගම්මානයක් සඳහා ආධාර දුන් අතර එම ගම්මානයේ නිවාස ඉදිකිරිම මේ වනවිට සිදුවෙමින් පවති .
COMMENTS
ඔක්කොම ටික හම්බන්තොට දාමු
1980 ගණන්වල හොඳට දියුනුවේගෙන ආපු ජලජීවී වගාව කාලා දැම්මේ හාමුදුරුවරු, නිකන් වැඩක් නැතිව උඩ පැනලා රටේ ගැමිජනතාවට පලක් වන වටිනා ව්‍යාපාරයක් අඩාල කරලා දැම්මා.