සුජිත් හේවාජුලිගේ සහා ආරියරත්න රණබාහු
අලුතින් පත් කෙරුණු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියගේ කාර්යාලයේ වියදම් වෙනුවෙන් රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.
මෙයට අමතරව ජාතික සහජිවන සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීමට රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක මුදලක් අනුමත කර ගැනීම සඳහා ද පරිපුරක ඇස්තමේන්තුවක් අද (19) ඉදිරපත් කෙරිණි.
COMMENTS
කටු කන කොට ඔහොම තමා
කෝටි 4 මාරක් කාර්යාලයට ? අනේ අපේ රටේ ජනතාවට වෙන අපරාධයක් .. මුන්ටද ජනතා නියෝජිතයෝ කියන්නේ ?අපි දුටුවා සමහර පළාත්වල වැඩිමල් දරුවන්ට හරියට ඇඳුමක් ඇඳගන්න ආරක්‍ෂිත කාමරයක් නැති හැටි .. ඒවා ඉටි රෙදි, කොළ කෑලි වගේ දේවල් වලින් වහගෙන ඉන්නේ .
අහෝ! අපේ සල්ලි. ඇමතිලා පැටව් ගැහුවට සල්ලි පැටව් ගහන් නැතෝ.
කජු ඇටද කොස් ඇටද? හාර කොටි හැට ලක්ෂයක් කියන්නේ? කාර්යාලයක් සඳහා? මේස කීයක්ද? පුටු කීයක්ද? පරිගණක කීයක්ද? අනිකුත් උපකරණ? මේ ගණන මුලික වියදමද? හරි විස්තර නැතුව ? හරි හරි අට පාස් කට්ටියට ඒවායේ තේරුමක් නැනේ.
සහජිවන සංවාද නියෝජ්‍ය ඇමතිට මෙච්චර විශාල මුදලක් අනුමත කරන්නේ, රට පුරාම ඉකමනින් ගමන් කරමින් සහජීවන ඇති කරන්න වෙන්නෙති.
එක ප්‍රබල ඇමතිවරයෙක් ස්වකිය අධි සුඛෝපබෝගී රථයේ වීදුරුව පහත් කර ජනතාවට 'වට්ටක්කා' කන්න යැයි යෝජනා කළා. මෙම ප්‍රභූ පන්තිය සාමාන්‍ය ජනතාවගෙන් වෙන්ව කැපී පෙනෙන්න නම් පෙර ගමන් රථ, වායු සමනය කල කාර්යාල, නිල නිවාස, දැසි දස්සන් අවශ්‍යයි.. බදු ගෙවන ඔබ සැමට ස්තුතියි.
බදු ගෙවන අපට ස්තුතීයි ...