(තරිඳු ජයවර්ධන)
එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් 12186ක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයේ මැදිහත් වීමෙන් 2008 වසරේ සිට 2018 වසර දක්වා පුනරුත්ථාපනය කර තිබේ. ඒ අතර ළමා සොල්දාදුවන් ලෙස සිටි දරුවෝ 594 දෙනෙක් ද වෙති.
මේ බව අනාවරණය වූයේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයෙන් ලබාගත් තොරතුරු අනුවයග මෙම තොරතුරු ඉල්ලීමට අනුව තොරතුරු ලබා දීම මුල් අවස්ථාවේ දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය ප්‍රතික්ෂේප කළේයග ඊට එරෙහිව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් කළ පසු එම කොමිසම නියෝග කළේ අදාල තොරතුරු ලබා දෙන ලෙසයි.
එම තොරතුරු ජාතික ආරක්ෂාව තර්ජනයක් බවත්ල පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට ද එය හානියක් බවත් විරෝධතා මතු කරමින් පුණරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය ප්‍රකාශ කළේයග එහෙත් අභියාචක පාර්ශ්වයෙන් පෙන්වා දුන්නේ ඉල්ලා ඇත්තේ සංඛ්‍යා ලේඛන බැවින් එයින් පුද්ගලිකත්වයට හානියක් නොවන බවයිග එමෙන්ම එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද පෙන්වා දුන්නේ.
එම තීරණය පිළිගත් කොමිසම ද ප්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය ගැන කතා කළත් කණ්ඩායමක පුද්ගලිකත්වය ගැන කාරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැති බවයිග එමෙන්ම ඉල්ලා ඇති සංඛ්‍යා ලේඛන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ද තීරණය කළ තොරතුරු කොමිසම අදාළ තොරතුරු මුදා හරින ලෙස නියෝග කළේය.
ඒ අනුව ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වනුයේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තුන් දෙනකු මෙම වසරේදී පුණරුත්තාපනය කර ඇති බවයි.
මේ වන විට පුනරුත්ථාපනය කර ඇති හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 12186 අතුරින් 4156ක් වයස අවුරුදු 20ත් 29ත් අතර පසුවන තරුණ තරුණියෝ වෙතිග ඉන් 1084ක් කාන්තාවෝය.
වැඩිම එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනය කර මුදා හැර ඇත්තේ 2010 වසරේ දී යග එම සංඛ්‍යාව 5586කි.
මෙම සිද්ධියට අදාළව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා වාර්තාව පහත සම්බන්ධතාවයෙන්.
http://www.rticommission.lk/web/images/pdf/comm-order-tharindu-jayawardena-v-rehab-comm-sin.pdf
2025 නොවැම්බර් මස 21
2
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වසර 10ට හිටපු එල්ටීටීඊ 12186ක් පුනරුත්ථාපනය කරලා
manoj Tuesday, 24 July 2018 09:55 AM
ඔබට ගොඩක් පින් මහින්ද මහත්තයා.