Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 25 වන සෙනසුරාදා
සුජිත් හේවාජුලිගේ
විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ්‍රි ලාංකිකයන් 35,000 කට පමණ රජය පසුගිය වසර තුනේදී ද්විත්ව පුරවැසිභාවය දී ඇත.
2017 වසරේ පමණක් ශ්‍රි ලාංකිකයන් 12,000 කට පමණ ද්විත්ව පුරවැසිභාවය දුන් බව ආගමන විගමන පාලක එම්.එන් රණසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ශ්‍රි ලාංකිකයන්ගෙන් අයදුම් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් මසකට ලැබෙන බව කී ආගමන විගමන පාලකවරයා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් මගින් මේ අයදුම්පත් පුළුල්ව පරීක්ෂාවට ලක් කරන බවද ප්‍රකාශ කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන අන්දමට විදේශ ගත ශ්‍රි ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබ ඇත්තේ 2015 මාර්තු මාසයේදීය.
නලින් Wednesday, 27 June 2018 12:39 PM
මාසෙකට 800 ටම දුන්නත් අවුරැද්දට 9600. මොනවද දන්නේ නෑ පුළුල්ව පරික්ෂා කරන්නෙ.?
Reply : 513 71
Cyril Wednesday, 27 June 2018 01:39 PM
යුරෝපයේ පුරවැසි භාවය ස්ථීර පදිංචි බලපත්‍රයක් තියෙන කෙනෙකුට අයදුම් කල හැක. මෙය ලේසි කටයුත්තක් නොවෙයි. එම රටේ භාෂාව හොඳට කතා කළ යුතුය. හුඟක් දෙනෙක් මෙය ගන්න අයදුම් කරන්නේ නොයෙක් හේතු දක්වා තිබෙන බලපත්‍රය අහෝසි කරන නිසයි. තමරටේ පුරවැසි භාවය ලබා ගන්න අය කරන මුදල අඩු වුනොත් මීට විශාල ප්‍රමාණයකින් අයදුම්කරුවන් වැඩිවෙනවා...
Reply : 15 10
Jayantha Wednesday, 27 June 2018 02:59 PM
35,000 කට ද්විත්ව පුරවැසිකම දුන්නා නම් එතනම තියෙනවා යූ.එස්. ඩොලර් මිලියන 100ක්.. ලංකාවට සංචාරකයෝ 2.5 මිලියන එනවා නම් වීසා වලින් එතනම තියෙනවා ඇ.ඩො. මිලියන 75 ක් (මේ සෑම සංචාරකයෙක් දින 10ක් ලංකාවේ ගත කරනවා නම් හෝටලයක දවසකට ඩොලර් 100 හෝටල් ගාස්තු ගෙවනවා නම් එයින් ආණ්ඩුවේ ටැක්ස් අාදායම ඩොලර් මිලියන 750යි. මේ අදායම් එන මාර්ග 3 ක් ගැන විතරයි මම ලිව්වේ... මගේ අම්මේ අනිත් ඒවත් එක්ක මේ සල්ලි කන්දරාවට මොනවද කලේ පසුගිය අවුරුදු 10 ටම ....
Reply : 0 79
Sanath Wednesday, 27 June 2018 06:14 PM
ඔබ නිවැරදි නැහැ. මේ අවුරුද්දේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මාසයකට ඩොලර් මිලියන 430 ට වඩා සංචාරක කර්මාන්තයෙන් පමණක් ලැබිලා තියෙනවා. මේ සංඛ්‍යාව 12 න් වැඩිකලොත් අපිට අවුරුද්දකට ඩොලර් මිලියන 5000 කට වඩා ලැබෙනවා. නමුත් අවුරුදු 10 කට ඉස්සර ලැබුනේ අවුරුද්දකට ඩොලර් මිලියන 500 කටත් අඩුවෙන්. 2017 මිලියන් 3500 ක් පමණ අදායමක් ලැබිල තියෙනවා.
Reply : 44 38
Jayantha Thursday, 28 June 2018 06:31 AM
සනත් ඔයා ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ බන්දුල ගුණවර්ධන ගෙන්ද.? ජනවාරි සිට අප්‍රේල් දක්වා මාසෙකට US $ 430 මිලියනයක සංචාරක කර්මාන්තයෙන් හම්බ කරනවානම් ඒක මහා විශාල අදායම් මාර්ගයක්. එක හරි හෝ වැරදි හෝ වේවා ඒ සියලුම අදායම ආණ්ඩුවට එන්නේ නැහැ. එයින් බදු ප්‍රමාණය පමණයි ආණ්ඩුවේ එන්නේ.
0 0
Sanath Wednesday, 27 June 2018 04:58 PM
ද්විත්ව පුරවැසිභාවය දේශපාලඥයන්ට නම් වහකදුරු වගේ ඇති.
Reply : 0 27
මංජුල Wednesday, 27 June 2018 08:04 PM
ලක්ෂ තුනක් ගෙවලා ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්න මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා? යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, හෝ ඇමරිකාවේ සිටියත්, වැද්දන් හෝ,ගෝත්‍රිකයින් ලෙස ජීවත් වෙන්න තිබෙන ආශාව නිසාම නැවත ලංකාවට සංක්‍රමණය වීමට මේ අයට ආශාවක් ඇති. අපි නම් උත්සහ කරන්නේ බෝට්ටුවකින් හරි අඩුතරමේ, ස්වාසිලන්තයට වත් පැන ගන්නයි.
Reply : 1 45
කසුන් Thursday, 28 June 2018 11:36 AM
මංජුල ඔයා එහෙම කියන්න එපා...! අපේ සුදුසු කම් අනුව රැකියා අවස්ථා ලබාගන්නත්, අනාගත උන්නතිතිය වෙනුවෙන් පිටරටක ට ආවත් වැඩි හරියක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ කවද්ද තම මව් රටට යන්නේ බලාගෙන ඒක නිසා, තම උපන් රටට ගරහන්න පුරුදු වෙන්න එපා !!
Reply : 0 0
Cyril Thursday, 28 June 2018 06:58 AM
උපන් බිමේ අගය විදේශ රටේ අපහාස උපහාස විදගෙන ඉන්න අයට තේරෙනවා. ඒකයි.
Reply : 0 0