ශ්රී ලංකා මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනකු මූල්‍ය කල්බදු හා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ලබාගන්නා බව සඳහන් කරමින් ඇතැම් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළවූ ප්‍රවෘත්තියක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම ඉල්ලීම කර තිබේ.
055
COMMENTS
ඕවා ඉතින් අහුවෙන විදිහට කරන්නේ කව්ද?
ඔබලා හරි... ඕක කිව්ව එක හොඳයි... රටේ නායකයා නිකන් අන්දනවා විතරයි.
විෂමාචාර සිද්ධීන් වලට හසුවන නිලධාරීන් දේශීයවත්, විදේශීයවත් එම ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට බැරි විදිහට බ්ලැක් ලිස්ට් කරන්න නීති ගේන්න ඕනේ... එය ඉදිරියට වැරදි කිරීමට සිටින තැනැත්තන්ට වත් පාඩමක් වෙයි. නැත්නම් මහබැංකුවේ පලපුරුද්ද හුවා දක්වමින් දේශීය හා විදේශීය ආයතනවල ඔවුන් හිටියටත් වැඩිය හොඳට යෙහෙන් වැජඹෙනවා. කළ වැරද්දේ බරපතලකම කවදාවත් තේරුම් ගන්නේ නෑ..
මෙලෝ වැඩක් හරියට නොකර මහ බැංකුවේ ඔය වගේ හොර තක්කඩි ඕනෑතරම් ඇති. සමහර හිටපු අධිපතිලා තනියෙන් හොරකම් කරේ නෑනේ... අනිවාර්යයෙන්ම නිලධාරින් උදව් කරන්න ඇති... ඇත්තටම මේක උඩ ඉඳලා යටට සම්පූර්ණයෙන්ම සුද්ද කරන්න ඕනෑ... දකුණු ආසියාවේ ඔක්කොම වගේ රටවල් පේපෑල් ගනිද්දී ඒකවත් ගන්න බැරි වුණා, ෆිනෑන්ස් ආයතන හරියට නියාමනය කරගන්න බැරිවුණා... බැංකු සහ මූල්‍ය ආයතන කඩන් වැටෙනකන් උඩ බලන් හිටපු... දේශපාලනය කරන අය ගිනි පොලියට ණය ගනිද්දී කට වහන් හිටපු ආයතනයක්..