ඩී.කේ. රත්න
පැපොල රෝගය ව්‍යාප්තවීමේ අවදානමකට ලක්වීම නිසා වසා දැමූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය නැවත මෙම මස 26 වැනි දා විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා අද (22) පැවසීය.
මෙම මස 24 වැනි දාට තිබු නවක සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවත්වීමට නියමිතව ඇති අභියෝගතා පරීක්ෂණය එදිනට නොපැවත්වන අතර එම පරීක්ෂණ ඉදිරි දිනකදී පැවත්වීමට කටයුතු කරන බවත් පසුව ඒ පිළිබදව දැනුම් දෙනුම් දෙන බවත් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.
දින තුනක් තුළ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල නතරවී සිටින විශ්ව විද්‍යාල සිසුන් 27කට සහ බාහිර විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් අටකට පැපොල රෝගය බෝවීම නිසා විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ඉකුත් 13 වැනි දා වසා දැමිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.