(නිමල කොඩිතුවක්කු)
විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බළ මණ්ඩලය මගින් සහනදායි මිලට එල්. ඊ. ඞී විදුලි බල්බ ලබාදිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කොළඹදී පැවැසීය.
මනුකියවන්නන් මගින් මෙම විදුලි බල්බ ඉදිරියේදි නිවසටම ලබාදිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
විදුලි බල්බ දස ලක්ෂයක් ලබාදිමට රජය සැළසුම් කර ඇති බවත් මේ මගින් මෙගාවොට් 304ක ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනිමට රජය සැළසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසිය.
ලක්ෂ 20කට අධික විදුලි පාරිභෝගිකයන් පිරිසක් සාමානය විදුලි බල්බ භාවිතා කරමින් සිටින බවත් මේ හේතුවෙන් විශාල වශයෙන් විදුලිය නාස්තිවිමක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
එල්.ඊ.ඩී. ලැබීමට සුදුස්සන් විය යුත්තේ පැරණි විදුලි බුබුළු පාවිච්චි කරන්නන් මිස විදුලිය ඒකක 90 අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් නොවේ .
මේ බල්බ් ලබාදීම කරන්න ඕනෑ විදුලිය අඩුවෙන් භාවිතා කරන පුද්ගලයින්ට නෙවෙයි.., විදුලිය වැඩියෙන් භාවිතා කරන පුද්ගලයින්ට.. මොකද විදුලිය අඩුවෙන් භාවිතා කරන අය කොහොමත් අර පරිස්සමෙන් භාවිතා කරනවා. විදුලිය වැඩියෙන් භාවිතා කරන අයට මේවා දුන්නම ඒ අයගේත් විදුලිබිලේ අඩුවක් වෙයි.. මොලේ කලඳක් නැති පාලකයින්ගේ වැඩවල තරම තමයි ඉතින්..
සෑම් මහත්තයෝ, ඔයා අංගොඩ ඉස්පිරිතාලෙට ළඟින්ද පදිංචිවෙලා ඉන්නේ?
මෙම බල්බ ලබාදීමේදී තවත් අක්‍රමිකතාවක් සිදුවීමට පෙර සැලසුම් සහගත ක්‍රියාවලියක් සිදුවී ඇත. ඇමැතිවරුන්ගේ ගෝලයින්ට දීලා මේවා වෙළඳසැල්වලට යාවි...