ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්, නගර සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සභාසභාපතිවරුන් සිය නිල කටයුතු ආරම්භ කිරීමේදී එම සභාවල මහජන මුදල් වැයකොට උත්සව පැවැත්වීමෙන් වැළකිය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම් දී තිබේ.
බස්නාහිර පළාතේ ඇතැම් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් රාජකාරී ආරම්භ කිරීමේදී මහජන මුදල් විශාල වශයෙන් වැයකොට උත්සව සංවිධානය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා එය බලවත් වරදකැයි ද පැවැසීය. දුප්පත් මහජනතාවගේ වරිපනම් මුදල්වලින් නඩත්තුවන නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල අරමුදල් මහජන සේවාවන් සඳහා යෙදවිය යුතුව තිබියදී වත්මන් රජය කරන්නා සේ උත්සව කටයුතු වෙනුවෙන් මහජන මුදල් වැයකිරීම තමා කිසිසේත්ම අනුමත නොකරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය.
නාගරික කොමසාරිස්වරුන් හා නගර සභා බලධරයන්ට මේ ආකාරයේ මුදල් ගෙවීම් අනුමත කරන ලෙස බලනොකළ යුතු යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ඉතාමත් සරල චාම් උත්සවයක් පවත්වා සේවා කටයුතු අරඹන ලෙස නගර සභා හා ප්‍රාදේශීය සභාවලින් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
COMMENTS
'...වත්මන් රජය කරන්නා සේ උත්සව කටයුතු වෙනුවෙන් මහජන මුදල් වැයකිරීම තමා කිසිසේත්ම අනුමත නොකරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය...' අතීතය නම් එහෙම නොවෙයි.
ඔබතුමා දැන් ඔහොම කියන්න ප්‍රමාද වැඩි...
අපි ඒ කාලෙ හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපොල උත්සව වලට කෝටි ගණන් වියදම් කළේ මහජන මුදල් නොවෙයි අපි දහඩිය මහන්සියෙන් හම්බ කරගත් මුදල්.
මොනවා! මෙයා ආයේ ඉපදිලාද?
කතාව 100% ඇත්ත. එමෙන්ම ඒ කාලෙත් කාලෙත් මේවා යහමින් සිද්ධ උනා. කෙසේ වෙතත් එම අඩුපාඩුව නිවැරදි ලෙස දැකීම ගැන පුරවැසියන් වන අපට සතුටු වන අතර අප මොනතරම් නම් මේ ගැන කියා ඇද්ද .
අම්මෝ දැන් මේ අය මාර හොද හොදා වෙලා . උත්සව වලට කොටි ගණන් වියදම් කලෙත් මෙයාලමයි. ඒවා අපිට මතකයි.
දැන් ටිකක් හැදිලා වාගේ. අරලිය ගහ දන්සැල දෙනවිට ඔහොම හිතුවනම් ?
ඉතාමත් හොඳ තීරණයක්, තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේවා කියා ප්‍රර්ථනා කරනවා....!!!
කකුළුවත් කිව්වලු උගේ පැටවුන්ට කෙලින් යන්න පුරුදුවෙයන් පුතේ කියාලා!!
මෙයා තමයි සෝබන වැඩ වල නායකයා. දැන් බබා වෙන්න හදනවා.
මහින්ද මහත්තයට පව් පින් දෙක තේරෙන වයස ලබලා වගේ.
අනේ මෙතුමාගේ කාලේ රුපියලක්වත් මහජන මුදල් උත්සව වලට වියදම් කරලා නැහැනේ
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.........
ඉතා හොද තීරණයක්
අදහස ඉතාමත් හොඳයි. පොඩි කකුළුවෝ පිළිගනීවිද.?
ඔව්. ඔබතුමාගේ පදවි ප්‍රාප්තියට වියදම් කරා වගේ වියදම් කරන්න එපා හොඳේ. මේක ඇහුවම මට මතක් වෙන්නේ අර කකුළුවාගේ කතාව.
ඔය නුවන ඔබතුමාට දැනට අවරුදු 7-8 ඉස්සෙල්ල පහල නොවුන එක ඔබතුමගේත් ජාතියේත් අවාසනාවකි , කොහොමත් දේශපාලකයන්ගේ මොලේ පෑදෙන්නේ විපක්ෂයේ සිටින විටය
පුළුවන් තරම් රට කළා දැන් මොනවද කියන විහිළු කතා.
ඒක තමයි ඔබතුමා බෑම කිවුවලු මගම්පුර වරායෙ උත්සවේට කෝටි හයසිය ගානක් වියදන් කරන්න. අපිට ආරංචියි.
හම්බන්තොට වරායේ විවෘත කිරීමේ උත්සවයට කොටි අටක් නළුවෙක්ට ගෙවපු, කොළඹ ලස්සන කරලා විවෘත කිරීම් උත්සව වලට නාගරික සංවර්ධන අධිකාරියෙන් ගායක දෙකට්ටුවකට කොටි පහක් මහජන මුදල් ගෙවපු රජානෝද මේ මොනවත් දන්නේ නෑ වගේ කතා කරන්නේ?
හොඳ ආරම්භයක්... ඒත් ඔබතුමා හෝ ඔබතුමා දරන පක්ෂය හෝ බලය පත් වුවහොත් ඉන්පසුව ඔබලා විසින් මේ රටේ පරිසරය රැකගැනීම ගැන ගන්නේ මොනවගේ ප්‍රතිපත්තියක්ද කියන කාරනාව ගැන මොකවත් කියන්නේ නැහැ. මිනිස්සුන්ට බොන්න පිරිසිදු ජලය නැති, හුස්ම ගන්න පිරිසිදු වාතය නැති රටක් වෙමින් යන ලංකාවට ඔය මොන උපදෙස්වත් වැඩක් නැහැ. මේ රටේ පරිසරයයි අංක එක විය යුත්තේ.
කකුළුවා කියනවලු තමාගේ පැටවුන්ට හරියට ඇවිදින්න කියල. හැබැයි ඔහු ඇවිදින්නේ හරහටලු. ඒ හා සමාන කතාවක් තමයි මේ කතාවත්.