(ඩයනා උදයංගනී )
විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටිති.
ඒ මහතාගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් අවහිර කරමින් කරුණානායක මහතා එනතුරු බලාසිටිති.
‘අපේ රවී අපට ඕනේ‘ යැයි කෑ ගසමින් ඔවුහු මෙසේ මාර්ගය අවහිර කරමින් සිටිති.
විදේශ ඇමතිකමින් ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතා ද එම ස්ථානයට පැමිණියේය.





(ඡායාරූප ඩයනා උදයංගනී)



(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අං තියෙන අයද????
මේ වගේ පස්සෙන් යන මිනිස්සු තාමත් ඉන්නවනේ...
මෙච්චරකල් කරපු කොන්ත්‍රාත්වල සල්ලි ඉල්ල ගන්න වෙන්න ඇති...
"අප වෙනස්කල යුත්තේ දේශපාලකයන් නොව ඔවුන් පත්කරගන්නා ජනතාවයි". මෙවැනි ජනතාවක් සිටිනා කල් රට දිනෙන් දින අරාජිත වීම වැළැක්විය නොහැක.
මෙහි ඉදිරියෙන් වෙන්නේ මොකක්ද?
අනේ මෙහෙමත් මිනිස්සු .....
නිවස කියන්නේ කොයි එකද අප්පා...
මෙවැනි මිනිස්සු ඉන්න කම් නිවැරදි සමාජයක් ගොඩනැගීම ඉතාම අපහසු කාර්යක්. පුද්ගලික වාසි වෙනුවන් දේශපාලනඥයින් පිටුපස යාම අපේ සමාජයේ ඉතාම වැරදි පුරුද්දක්..
හොරු සමග හෙළුවෙන්...
මෙන්න මේ වගේ අය නිසා තමයි අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. රස්සාවටයි, බත් පැකට් එකටයි, අරක්කු බෝතලේටයි, මැති ඇමතිවරුන්ට කඩේ යන මේ වගේ මෝඩයින් ඉන්න කම් මේ රට හදන්න බැහැ.
ඔබතුමා ඊලඟ මැතිවරණයත් ජයගනු නියතයි. අපි ඔබ සමඟයි..
ඔන්න අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව....
එතන මහේන්ද්‍රන්, ඇලෝෂියස්ලත් ඉන්නවා ඇති....
හොරුන්ගෙන් බඩකට පුරවා ගත්ත අය... පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමා...
ඒක තමයි ඔය දීල තියෙන්නේ අරන් ගෙදර යන්න. බැඳුම්කර අලාභය ඔබලා ගෙවන්න.
ඔබ නිවැරදි තීරණයක් ගෙන ඇත. කලබල නොවී බලා ඉන්න. සත්‍ය ජය ගන්නවා ඇති. ඔබට ජය වේවා!!!
අනේ මෙහෙමත් හරක්. තමන්ගේ සල්ලි හොරාකාපු කෙනාවම ඕනෑ කියලා අඬන මේ ගොල්ලන්ට රටේ මිනිස්සු එකතු වෙලා ගහන්න ඕනා. රවීලා හිතන් ඇති හොරාකාපු සල්ලිවලින් සැබෑ මිනිස්සුන්වත් මිලට ගන්න. අපේ රටේ "මිනිස්සු" පුන්නක්කු නම් කන්නේ නැහැ තවම.
මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නකම් මේ හොරකම් නතරවෙන්නේ නැහැ
මේ අයට දවසට කියක් ගෙව්වද ?? රුපියල් 1000.00 බත් පැකට් එකයි ද
අප ලාංකිකයන් හැටියට මොනතරම් දුර්වල තැනකද සිටින්නේ යන්න මෙම චායාරුපවලින් මොනවට පැහැදිලිවේද ????
බුද්ධිමත් ජනතාව
ලංකාව මුදලට කෑදර වුන මෝඩයන්ගේ රටක් බවට පත්වී ඇත.
මෙහෙමත් මෝඩ මිනිස්සු ලංකාවේ තවම ඉන්න එක ගැන දැක්කම සසර කලකිරෙනවා.
කෝ මෙතන ඉන්නේ ඔක්කොම හොඳ සල්ලි කාරයෝ වගේ.
මේ වගේ අය ඉන්නකල් මේ රට හදනවා බොරු ...!
අනෙ මෙහෙමත් මෝඩ රැලක් .මෙහෙව් අය නිසා රටක් හැදෙයි?
හොරුන්ට කඩේ යන ජනතාවක් ඉන්න කම් හොරු එලවනවා බොරු තමයි.
මෙහෙම හොරුන්ට හුරේ දාන මෝඩ මිනිස්සු ඉන්දැද්දී රටක් හදන එක නම් බොරු. රවීත් මෙතන බබා වගේ අඬනවා. වෙන රටක නම් මේ වෙනකොට මෙයා හිරේ.
අලියෙක් බලන්න පොඩි අලි ගොඩක් ආපු නිසා පාර වැහිලා...
මිලියන ගණන් ගෙවල් කුලී ගෙවන හිතමිතුරෝ ඉන්න මෙතුමාට මෙහෙම සෙනඟ ඉන්න එක අහන්නත් දෙයක්ද? ඇත්තෙන්ම අපේ රටේ මිනිස්සු අප්‍රිකාවේ ඉන්න ගොත්‍රිකයන්ටත් වඩා බුද්ධියෙන් පහළ තැනකයි ඉන්නේ.. මෙච්චර මහජන ධනය හොරා කෑමක් වෙලා දැන දැනත් තවත් මිනිස්සු පස්සෙන් යනවා.
අනේ මෙහෙමත් මෝඩ මිනිසුන්... ගිය ආණ්ඩුවේ හොරුන් පස්සේ යන අයත් ඉන්නවා. හොරු නම් අපට එපා.
මෙයාගේ මැරයින්ටම මෙයාව තියාගන්න කියමු... රටට හොරු ඕනෑ නෑ.
ආධාරකරුවන් යැයි කියා ගන්න මේ හොර රංචුවම අල්ලල හිරේ දාන්න පොලිසියේ කොන්දක් නැද්ද? නිතිය නැමෙන්නේ අහිංසක ළමයින් පොලු වලින් ගහන්න විතරද?
මේ වගේ හරක් ඉන්නකන් මේ රට හැමදාම හිඟන රටක් තමා
ලංකාවේ දේශපාලනය දැන් දෙමළ චිත්‍රපටි වලටත් වඩා අන්තයි. ඒත් වැඩේ කියන්නේ මේ හැමදේම සත්‍යක් කියල දකින පිරිසක් තවමත් මේ රටේ ඉන්න එකයි.
මේ රටේ දේශපාලකයන් තව තවත් දුෂණයට තල්ලු කරන්නේ මේ මෝඩ පාක්ෂිකයෝ රැලයි. චෝදනාව එළිපිටම ඔප්පුවී ඇතත් පාක්ෂිකයන්ට තේරෙන්නේ නැහැ ඒ බව. ඔවුන් තවමත් දුවන්නේ එම චෝදනාවට ලක්වූ දේශපාලකයා පසුපසයි. මෝඩ ජනතාව තමන් පසුපස එනවිට දේශපාලකයන්ට තමන් කල වැරදි ගැන පසුතැවීමක් ඇතිවෙන්නේවත් ඒවා හදාගන්න උවමනාවක්වත් ඇතිවන්නේ නැහැ.
මේ රවී ගේ ආධාරකරුවෝ කියන්නේ මුදල් ආධාර දීල ගෙන්න ගත්තු කරුවෝද?
ඉතින් කොහොමද ලංකාව දියුණු වෙන්නේ මේ වගේ හරක් ඉන්නකොට ?
අපි හතුරෙකුටවත් දුකක් ඇතිවෙනවට කැමති නැත. නමුත් අපි රවී හරිද වැරදිද යන්න නොදනී. නමුත් දන්නා එක අයෙක් සිටී.ඒ රවීගේ හෘද සාක්ෂියි.. එය විනිවිදබවය වේ. ඔබට හරි හෝ වැරදි හෝ ඔබට යහපතක් වේවා යන්න පතමු
ශ්‍රී ලංකාවේ දේශපලන්ගයන්ගේ තරම මෙතැනින්ම පේනවා. මෙයාලට ඕනි හැමදාම මිනිස්සු අසරණ වෙලා ඉන්නවා දකින්න. එතකොට බත් පැකට් එකට, ටකරම් ටිකකට මේවගේ ඕනි වැඩකට ගෙන්නගන්න පුළුවන්. අපේ මිනිස්සුන්ගේ මේ වහල් මානසිකත්වය නැති වෙනකම් මේවගේ දේශපාලකයන්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. දේශපාලකයන් කියන්නේ ජනතා සේවකයන්, අපේ බදු මුදල් වලින් තමයි මේ අය නිත්‍යානුකුල විදිහට පෝෂණය වෙන්නේ. කවදාවත් මේ වගේ වහල්ලු වගේ ඉන්න ඕනි නෑ කිසිම දේශපාලකයෙක්ට,
එක්කෙනෙකුට මිලියනය ගානේ.
බත් කන හරක්
කෝ දැන් අර වැඩකරන ජනතාවගේ කාලය කනවා මේවගේ වැඩ වලින් කියක කොමෙන්ට් දාන කට්ටිය.,
අද රටට කෙලවෙලා තියෙන්නේ මේ වගේ අය ඉන්න නිසා. මෙච්චර හරියක් වෙලත් තවමත් මොලේ පෑදිලා නැහැ. මේක අපේ කරුමේ මේ වගේ අය ඉන්න කාලෙක ඉපදෙන්න වුණ එකට නම් ....
ඔය අර බණ්ඩාර කෙනෙක් නේද?
මේ අය බත් කන අය නම් නෙවේ. මහජනයාගේ ජාතික ධනය කා දමන මෙවැනි අය තවත් කුමකටද?
බැලූ බැල්මට පෙනෙන්නේ, මොවුන් අධාරකරුවන් නෙමෙයි. අරක්කු බෝතලයටයි, බත් පැකට් එකටයි අාපු අය වගේ.
නීතිය නමලද? නීතිය නමන කෙනාටත් හිතේ අමාරුව ඇති... මේක එයාගේ වැඩක්ද? "යස් සර්"
බලන්නකෝ රවී එක්ක ඉන්න ජනතාව. ඒ කියන්නේ රවී කියන්නෙත් ඉතාම සාදාරණ කෙනෙක්. මොකද මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අය දූෂණ වංචා එකට යනකොටත් මාර සෙනෙඟක් ඉන්නේ. අබ සරණයි ශ්‍රී ලංකා.
වන් ශ්‍රී ලන්කන්, රවීට දැනටමත් යහපතක් වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට තමයි රවීගේ වැඩ වලින් අයහපතක් වුණේ...
රවීගෙන් වාසි ලබාගත් අයට දුකයි. ඒකයි පස්සෙන් එන්නේ. වෙන අයටත් මේ වගේම බත් බැලයෝ සෙට් එකක් ඉන්නවා. දේශපාලකයෝ පෙන්වන්නේ ඒ අයගේ තියෙන හොඳකමට මිනිස්සු පස්සෙන් වැටිලා ඉන්නවා කියලයි. දන්නෝ දනිති.
ඔයගොල්ලන්ට ඕනේ නම් රවී තියාගන්න. අපිට එපා
මේ රට කවදාවත් හදන්න බැහැ. හැදෙන්නෙත් නෑ. මේ වගේ මෝඩයින් ඉන්නකොට කොහේ කරන්නද? හොරු සමග හෙළුවෙන්...
වෙන රටක නම් මෙච්චර හොරකම් කරලා අහු වුණානම් ගල් ගහනවා. අපේ රටේ ඉන්න අන්ධ භක්තික මෝඩ රැල හොරුන්ගේ පස්සෙන් යනවා. මෙහෙමත් රටක්. මේ මිනිස්සුන්ට මෙහෙම වෙලත් මදි.
අපිත් හරි ආසයි!!! මෙහෙදීත් පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක වෙන විට ජනතාව ඔයවගේ පාරවල් වහගෙන අපේ එක්කෙනා අපට ඕනේ කියමින් දඟලන දර්ශනයක් දකින්න කරුමෙට දකින්න නෙහෙනේ. ඒවා දකින්න පුළුවන් ලංකාවේ විතරමලු. පුදුමයි නේද වෙනස?
SL හරියටම හරි
එතකොට මෙයාලට ගහන්නේ නැද්ද පාර වහගෙන ඉන්නකොට? ඉල්ලීම් ඉල්ලන ළමයිට නම් වැඩේ බලන්න තිබුනා
අනේ මෙහෙමත් ජන්දදායකයො කියලා හිතලා මටත් ඇඬුනා .......
මේ අයට ආධාරකරුවන් කියල කියන්න එපා. එතරමට පිළිකුල් සහගතයි. සර්වජන චන්ද බලය මේ අයටත් ඉතින් තියෙනවනේ .
දැන් මේක අයුතු ජනරාශිය නෙමෙයිද? මේකෙන් මහජනයාට පීඩාවක් නොවන්නේද? ඒ අයගේ නීතිය ඒ අයව රකින්න විතරයි.
ඉල්ලා අස්වුන දවසේ පාර්ලිමේන්තුවට යන්න පෙර රවීගේ ගමන නවත්වන්න මේ අදබාලයන්ට තිබුනනේ. එවිට මොහුට ඉල්ලලා අස්වෙන බැරිවෙනවනේ.
අර හාමුදුරුවෝ කව්ද ?
පුදුම මෝඩ මිනිස්සු. රටට අනාගතයක් නැහැ මේ අය ඉන්නකන්.
පාරේ දෙපැත්තේම හොඳට ඉඩ කඩ තියෙනවා නේද සහයෝගය දක්වන්න? පාර අවහිර කරන්නේ ඇයි මහජනතාවට හිරිහැර වෙන විදියට? එතුමාටත් කරන නිග්‍රහයක් නේද එක? ඉතින් එයත් එකයි මේ අයත් එකයි කියන එකේ වැරද්දක් නැහැනේ!
ගරු මන්ත්‍රීතුමා, ඔබ ගත් තීරණය ඉතාම නිවැරදි කාලෝචිත ක්‍රියාවක්.. මොකද ඔබට විරුද්දව හඬ නැගුවේ.. තවත් කම්බා හොරු ටිකක්.. මෙන්න මේක මතක තියා ගන්න. දේශපාලකයා නිතරම පරිස්සම් විය යුත්තේ තම බිරින්දෑවරුන්ගෙන් බව...
රවී ඊලග ඡන්දෙදිත් 100,000 ඡන්ද ගන්නවා. මොනවද ඔට්ටු... මිනිස්සුන්ට ඕනේ තමන්ට සලකන කෙනකු මිසක් වැදි බන කියා කියා යන හොරුන් නොවේ..
එතකොට ලොකුම හොරා කිව්වේ කව්ද?
මේවා යහ පාලනයට නුසුදුසුයි... අපි නීතියට හිසනමා නීතිගරුක විය යුතුයි.. මෙය මා අනුමත නොකරමි.
රජ වෙලා කරන වැඩ, දොරටුපාලයා වෙලා කරන්න ගිය නිසානේ මේ සේරම වුණේ?
දුමින්ද සිල්වාව එළියට දැම්මොත් මිනිස්සු ලක්ෂ ගණනක් රැස්වෙයි වැලිකඩ හිර ගෙදර ඉස්සරහට. මේක ලංකාවනේ මොන මගඩියක් කරලා හරි සල්ලි ගසාකාල සොච්චමක් කටු සූප්පන අයට විසි කළාම ඔක්කොම වටවෙනවා.
යහපාලන රජයේ නිසා රවී ඇමතිකමෙන් ඉල්ලා අස්වුණා. මහරජා මෙයාම නම් රවීට තවත් ඇමති කමක් !!!