(මුදිතා දයානන්ද)
ජන බලය කොළඹට එන එක වළක්වන්න ආණ්ඩුව සමෘද්ධි නිලධාරීන්ගේ හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ නිවාඩු අහෝසි කර ක්ෂේත‍්‍ර රාජකාරිත් තහනම් කරලා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
ජනබලය කොළඹට එන එක වළක්වන්න ආණ්ඩුව තමන් දන්න සෙල්ලම් සියල්ලම දානවා.
සමෘද්ධි නිලධාරීන්ගේ හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ ක්ෂේත‍්‍ර රාජකාරී තහනම් කර තිබෙන්නේ ඔවුන් ජනතාව අතරට යාම වැළැක්වීමටයි.
COMMENTS
අපෝ... එහෙමද? හරි සුදනෝ. හරිනම් ඉස්සෙල්ලා කළා වගේ තව කට්ටියක් දාලා ගල් ගහන්න ඕනෑ. දැන් හොඳ වැඩියි.
ඔය ක්ෂේත්‍ර නිලධාරීන් කොහොමත් ඉන්න ඕන මහජනතාව එක්ක තමයි.
මෙයාමනේ කිව්වේ කොළඹට එන්න එපා කියල. දැන් මොනවාද කියන්නේ?
මහරජාගේ කාලයේ රැස්වීම් පැවැත්වෙන භූමියට පැමිණිමේ ලේඛනය අරන් ගිහින් එතැනදී අත්සන් අරගෙන සමෘද්ධි නිලධාරින් වගා නිලධාරීන්ගේ විතරක් නොවේ, රජයේ දෙපාර්තමේන්තුවල සේවකයින්වත් තමන්ගේ දේශපාලන කුලීකරුවන් කල වසල යුගය අමතක වෙලා වගෙයි මුන්දැට...
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු .... මේ වගේ අයවලුන් නිසා තමයි මුලු රටටම හෙන ගහල තියෙන්නෙ