හර්ෂණ තුෂාර සිල්වා
රුපියල තවදුරටත් පාවීමට ඉඩ හැරිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින දූත මණ්ඩලයේ ප්‍රධානී මැනුවෙලා ගොරෝතී අද (20) පැවසුවාය.
ශ්‍රී ලංකාව තවදුරටත් විනිමය අනුපාතික පාවීමට ඉඩ හැරිය යුතු බවත් විනිමය අනුපාතිකවලට වෙළෙඳපොළ තත්ත්වවලට අනුකූලව නිදහසේ හැසිරීම සඳහා ඉඩ දිය යුතු යැයි ද ඇය කීවාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය අරමුදල යටතේ ලබාදෙන ණය පහසුකම යටතේ කරන ලද සිව්වැනි නිරීක්ෂණය අවසානයේ වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය එම කරුණු කීවාය. මෙම හමුව කොළඹ ලෝක බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විනිමය අනුපාතිකවල නම්‍යශීලි බව වෙනස්වන ගෝලීය ප්‍රාග්ධන ගලාඒම් හමුවේ තිබිය යුතු පළමු ආරක්ෂක සීමාව විය යුතු යැයි ද මැනුවෙලා ගොරෝතී මෙහිදි පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාව 2001 වසරේ සිට පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් අනුගමනය කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161.26ක් ලෙස දැක්විණි. එය ඉතිහාසයේ රුපියල පහළ ගිය ඉහළම අගයද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික විශේෂඥයන් එන පොට හොද නෑ. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න වෙනවා. නැත්නම් අපි අනුන්ගේ ඉත්තෝ වෙනවා.
රුපියල පාවෙනවා නෙමෙයි දියාරු වෙනවා. ඒත් එක්කම අපේ ජීවිතත් දියාරු වෙලා කුජීත වෙනවා.
5.50 ට තිබුණු රුපියල ජේ ආර් පාකරලා යැව්වා හතලිස් පනස් ගණන් වෙනකල්ම. මේ පාර බෑනගේ වැඩ බලමුකෝ? දෙසියටවත් නැග්ගුවේ නැත්නම් වැඩක් නැහැ.
ඉතින් ඕකට බදු ගෙව ගෙව ආණ්ඩුවේ මෝඩ මැති ඇමතිලා නඩත්තු කර කර ආණ්ඩුවක් ඕනද ? අයිඑම්එෆ් එකට මේක පාලනය කරන්න දුන්නනම් ඉවරි නේ
කමක් නැහැ . මෙච්චර දවස් කළා වගේ ඉතුරු ටිකත් මෙයාල කියන විදිහටම කරගෙන යන්න .කෙතුමතිය දැන් ළඟ .ළඟ .
ඔව් ඔව් මුන්ට ඕනෙ අපේ රට සූරගෙන කන්නනේ. ඒකනෙ ඔය කියන්නෙ. එකටම හරි යන පඹයෝ ටිකකුත් ඉන්නවනෙ.