(සුජිත් හේවාජුලිගේ )
රජය ගැන කලකිරුණු මන්ත්‍රීවරු දහයක් පහළොවක් විපක්ෂයට එක් වීමට මේ දිනවල සාකච්ඡා කරන බව දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.
විපක්ෂයට එක්වීමට තමා සමගත් මන්ත්‍රීවරුන් සිවු දෙනකු සාකච්ඡා කළ බව ඔහු කීවේය.
මේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ගැන ලොකු කලකිරීමක් තිබෙන බව ඔවුන්ගේ කතා වලින් පැහැදිලි වන්නේ යැයි කී දිසානායක මහතා අය වැය වැනි තීරණාත්මක අවස්ථාවලදී ඒ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් එලියට ඒවි යැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලෝචිත දෙයක් ගැන කතා කරනවද?
කාව බයකරන්නද මේවා කියන්නේ .... අපි නම් බය නැහැ ..
දවල් හීන පෙනිලා.
කලකිරෙන්න මෙච්චර කල් බලන් හිටියේ මොකද දන්නේ නැහැ. මං හිතන්නේ මෙතුවක් කල් මුට්ටි කිරන්න ඇති. මේ රටේ තරම් ඒ පැත්තට මේ පැත්තට තමන්ගේම වාසිය පතා එහෙට මෙහෙට පිමි ගහන දේශපාලන ගෙම්බන් තව රටවල නැතිව ඇති. "බොහොම හොඳයි කියා කන දේ පසුව දානවා. ඉන්පසුව පිළිකුලෙන් දාපු දේ රසවත් කරමින් ආයෙමත් කනවා "
මේ මහා ප්‍රගිතිශීලියා නේද පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල මන්ත්‍රී වැටුප් ගැන කතිකාවතේදී මන්ත්‍රී වැටුප් වැඩිවිය යුතුයි කියලා මහා සද්දයක් දැම්මේ.
කවුද මේ වෙලාවේ යන්නේ.
ජනතාව කබලෙන් ලිපටම වැටෙන්න වගේ යන්නේ. ඔය එහාට මෙහාට පනින රිලවු එලවපු දාකට තමයි කවද හරි අපේ රටට යහපතක් වෙන්නේ.
ඊට වඩා හොදනැද්ද ගෙදර නතරවෙනවා පක්ෂය පාවා නොදී.
මේ ආකාරයට ආණ්ඩුවෙන් ඡන්දයට ගොස් පාර්ලිමේන්තුවට ආව අයට ඇවිත් කාගෙහරි උවමනාවට පටි මාරු කරන එක වහාම නවතන්න ඕනේ. ඒ අයට විපක්ෂයේ ඉන්න මිස කිසිම පක්ෂයට සහය දීම තහනම් කල යුතුය. එසේ වෙනත් පක්ෂයට සහය දෙන්නේනම් ඔහුගේ මන්ත්‍රී භාවය අහෝසි කල යුතුය. ඔහුට අවැසිනම් එන ඡන්දයේදී ඒ පක්ෂයෙන් ඡන්දය දිනා පාර්ලිමේන්තුවට ඇවිත් ඒ අය සමග ඉන්න පුලවන්.