IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජය කෝටි 203 ක නියං සහනාධාර මලු බෙදා දෙන්න යයි

(නිමල කොඩිතුවක්කු)

   

පවුල් හාරලක්ෂ පනස් එක්දහසකට රුපියල් කෝටි 203ක වියදමින් නියං සහනාධාර මලූ බෙදාදිමට රජය තිරණය කර ඇතැයි  ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

රුපියල් හාර දහසේ සහ පන්දහසේ බඩු මලූ ලෙස සකස් කර ඇති  එම සහනාධාර මලූ ලබන සතියේ සිට විවිධ සේවා සමූපකාර සමිති මගින් බෙදාදිමට පියවර ගනන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

සාමාජිකයන් තුනට අඩු පවුල් සඳහා රුපියල් 4000 බඩු මල්ලත් සාමාජිකයන් 3 හෝ එයට වැඩි පවුල් සඳහා රුපියල් පන්දහසක බඩු මල්ලත් වශයෙන් එම සහනාධාර මලූ බෙදා දිමට නියමිතය.

රුපියල් 4000 බඩු මල්ලක් සඳහා සහල් කිලෝ 20ක්, බිත්තර 10ක්, පරිප්පු කිලෝ 02ක්, අර්තාපල් කිලෝ 02ක්, තේ කොළ ග‍්‍රැම් 200ක්, සීනි කිලෝ 01ක්, තිරිඟු පිටි කිලෝ 02ක්, සෝයා මිට් ග‍්‍රෑම් 70 පැකට 10ක්, කඩල කිලෝ 02ක්, කිරිපිටි ග‍්‍රෑම් 400ක්, මිරිස් කුඩු ග‍්‍රෑම් 250ක්, තුනපහ කුඩු ග‍්‍රෑම් 250ක්, කහකුඩු ග‍්‍රෑම් 50ක් අයත් වේ.

රුපියල් 5000 බඩු මල්ලක් සඳහා සහල් කිලෝ 30ක්, බිත්තර 10ක්, පරිප්පු කිලෝ 03ක්, අර්තාපල් කිලෝ 02ක්, තේ කොළ ග‍්‍රැම් 200ක්, සීනි කිලෝ 02ක්, තිරිඟු පිටි කිලෝ 02ක්, සෝයා මිට් ග‍්‍රෑම් 70 පැකට් 10ක්, කඩල කිලෝ 02ක්, කිරිපිටි ග‍්‍රෑම් 400ක්, මිරිස් කුඩු ග‍්‍රෑම් 250ක්, තුනපහ කුඩු ග‍්‍රෑම් 250ක්, කහකුඩු ග‍්‍රෑම් 100ක් අයත් වේ.

ශ්‍රී  ලංකා පාරිභෝගික මහා සංගමය මගින් මෙම භාණ්ඩ මිලදි ගන්නා බවත්  සමූපකාර දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එම  කටයුතු මෙහෙය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ඡායාරූප - ගයාන් අමරසේකර

 



අදහස් (0)

රජය කෝටි 203 ක නියං සහනාධාර මලු බෙදා දෙන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site