මොහොමඩ් ආසික්
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව අද මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී, නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉක්මනින් නිර්මාණය කරන ලෙස ඉල්ලීම, පළාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරෝධය දැක්වීම ඇතුළු යෝජනා අටක් සම්මත කර ගනු ලැබීය.
එලෙස සම්මත කර ගනු ලැබූ යෝජනාවන් මෙසේය.
යෝජනා අංක 01, මුස්ලිම් ජනතාවගේ දීර්ග කාලීන ඉල්ලීමක් වන අම්පාර දිස්ත්‍රික්කතයේ වෙරළ බඩ දිස්ත්‍රික්ක නිර්මාණය කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බැවින් තව දුරටත් එය ප්‍රමාද නොකර නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය නිර්මාණය කරන ලෙස රජයට බල කිරීම,
යෝජනා අංක 02, පළාත් සභාමැතිවරණය සඳහා යෝජතික නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කිරීම,
යෝජනා අංක 3, කල් ඉකුත්වී ඇති සියලු පළාත් සභාවල මැතවරණය වහාම පැරැණි ක්‍රමය අනුව පවත්වන ලෙස රජයට බල කිරීම,
යෝජනා අංක 4 යෝජිත නව ව්‍යවස්ථව තුල මුස්ලිම් ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් ඇතුලත් නොවන්නේ නම් එයට දැඩි ලෙස විරෝධය දැක්වීම යෝජනා
අංක 5, පළාත් පාලන මැතිවරණෙය්දී හඳුනා ගනු ලැබූ ප්‍රායෝගික ගැටලු විසඳන ලෙස රජයෙන් ඉල්ලීම,
යෝජනා අංක 6, මුස්ලිම් ජනතාවගේ පදිංචි සහ කෘෂිකාර්මක ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට මැදිහත් වන ලෙස රජයට බල කිරීම,
යෝජනා අංක 07 සුළු ජාතීන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී පිරිස් විසින් පතුරුවනු ලබන ව්‍යාජ ප්‍රචාරයන් සහ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානියට පත් වූ අලුත්ගම අම්පාර සහ මහනුවර ප්‍රදේශවල ජනතාවට ඉතා ඉක්මනින් නිසි වන්දි මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම.




COMMENTS
ඔටුවට කූඩාරම ඇතුළට ඔලුව දාගන්න දෙන්න එපා!!!.
මේ වගේ ජාතිවාදින් අතුගා දැමිය යුතුමයි.. එක රටක සිංහල මිනිස්සු සමග එකට ජීවත් වෙන්න බැරිනම් පිටුවහල් කළ යුතුයි.. 2020 ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක වෙන්නේ මේ වගේ අයගෙන් රට බේරාගත යුතු නිසයි
මේ ජාතිවාදයට දෙන්න තියන නියම බෙහෙත තමා අාගම, ජාතිය, පලාත පදනම් කරගෙන පිහිටුවා තිබෙන සියලු සුලු දේශපාලන පක්ෂ තහනම් කිරීම. බටහිරයන්ට ඊට විරුද්ධ වෙන්න බෑ. මොකද එම රටවලත් තිබෙන්නේ ජාතික මට්ටමේ පක්ෂ දෙකක් හෝ කීපයක්. මොවුන් මේ පක්ෂ දේශපාලනය මත බලය උදෙසා තමා ජාතිවාදය අවුස්සන්නේ. එක ජාතිවාදයක් ඉහලට එන විට ඊට ප්‍රතිපක්ෂව තවත් ජාතිවාදයක් ගොඩනැගෙනවා. මෙය මරාගෙන මැරෙන තරමේ වුවත් අාවේගයක් අැති සංවේදී කරුණක්. පලමුව ව්‍යවස්තාවෙනුත් එහෙම බැරිනම් වෙන විදියකින් හෝ සියලු ජාතිවාදයන්ට පිලිතුරු දිය යුතුයි. එකම රටක කිසිම කෙනෙකුට වෙනම නීති නොවිය යුතුයි. හැමෝම සමාන පුරවැසියන් විය යුතුයි
මෙතන ජාතිවාදී ප්‍රකාශයක් කොහෙද කරලා තියෙන්නේ ? තමන්ගේ ජාතිය එල්ලවෙන තර්ජන වලට රජයෙන් විසඳුම් ඉල්ලන එක ජාතිවාදී ද ? නීතිය අතට ගන්නැතුව රජයෙන් නැත්තම් වෙන කාගෙන්ද ඉල්ලන්න ඕන ? වෙරළබඩ දිස්ත්‍රික්කය ඉල්ලන්නෙ ව්‍යවස්ථාවට අනුකුලව නේද? බෝම්බ පුපුරුවාගෙන නෙමෙයිනේ මේවා ඉල්ලන්නේ ? එහෙනම් මේවා රාජ විරෝධී ජාතිවාදී වෙන්නෙ කොහොමද ?
වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලීම ඇති මෙයාලගේ ජාති වාදේ ඔප්පු කරන්න. අනිත් අය වචනයක් කීවොත් ජාතිවාදියෝ. ඊලම ඉල්ලන දෙමලත් එකයි. වෙනම මුස්ලිම් කලාප ඉල්ලන්න මුසල්මානුවත් එකයි. වෙනම් කෑලි ඉල්ලලා ඒවාට මිනිස්සු එරෙහි උනහම එරෙහි වෙන අය ජාතිවාදී
පළාත් සභා බල්ගැන්නුවා නම් ඔය වෙනම කලාපය නිකම්ම හම්බවෙනවා. ඔය වගේ වැදි කලාපයක්. මැදරට වෙනම කලාපයක් එනවා. ඉන්පසු වෙන ප්‍රශ්න ඕනේ නැහැ. ඕකම ඇති දේශපාලකයින්ට...
දැන් ඉතින් දෙයි උස්සලා. සංහිඳියාවනේ...
මහරගම අපිට වෙනම දිස්ත්‍රික්කයක් ඕනේ. මොකද ඒකට සර් කියාගන්න වෙනම පාලකයෙක් ඉන්නවා.
මේක දුරදිග යන ප්‍රශ්නයක්. වෙනම කලාප ඉල්ලුවාට පස්සෙ ඉල්ලන්නෙ ඒ කලාප වලට වෙනම ෆෙඩරල් පාලනයක්, පොලිස් බලතල වගේ දේවල්. මේකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව-පකිස්තානය, බංග්ලාදේශය ලෙස බෙදීම, තමිල්නාඩුව බිහිවීම. එකම රටේ එක විදිහට ඉන්න ඕනේ. ඒකට විරුද්ධව සිටින අයට ක්‍රියාමාර්ග ගත යුතුයි.
මෙයාලගේ ඉල්ලීම් ඉටු කරන්න පෙර මෙයාලගේ අතීතය සිතන්න
ඔන්න ඔහේ දීල දාන්න තියෙන්නේ මැරෙනකොට අරන් යනවය කියලද ?
ඡන්දය ලගයි දැන් ඉතින් බලනවා වාසි පැත්ත මොකක්ද කියලා පනින්න මෙච්චර කල් හොඳ නැති මහින්ද එක පාරටම හොඳ වෙලා, තොන්ඩ කරන්නෙත් ඔකයි.
රටක ප්‍රාදේශීය පරිපාලන බල ප්‍රදේශ පිහිටවිය යුත්තේ භෞතිකත්වය හා පාලන අවශ්‍යතා පදනම් කරගෙන මිසක ආගමිකත්වය හෝ වාර්ගිකත්වය හෝ පදනම් කරගෙන නොවෙයි. මෙවැනි යෝජන ඉදිරිපත් වන අවස්ථාවේම ප්‍රතික්ෂේප කළ යුතුයි. විජයකලා කියපු දේ එක අතකට හරි කියලයි මෙයාල පෙන්වන්න හදන්නෙ.
මේ රටේ මහා ජාතිය තමයි හැම අසාධාරනයක්ම වෙන්නේ සුලු ජාතීන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.
වෙරළබඩ දිස්ත්‍රික්කය දුන්නම ලංකාවේ ඉන්න ඔක්කොම මුස්ලිම් අය එකට යනවා නම් එ්ක දුන්නට කමක් නැහැ. මොකද අනිත් අයට ඉතිරි කොටසේ සාමයෙන් ඉන්න පුළුවන්...
තියෙන බඩ මදිද.?
මට මතක් උනේ අපේ අත්තම්මා කිවුව කතාවක් "නිවටයා දැක්කම එළුවාත් රැවුල පානවලු" පුතේ