IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මුලතිව්හි අනවසර සිංහල ජනාවාස වලට එරෙහිව ටි.එන්.ඒ.විරෝධතාවයක

   
              
(රොමේෂ් මධුෂංඛ) 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (10) සවස මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වූහ.

මුලතිව්හි දෙමළ ජනතාවගේ ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබා දිය යුතු බවටත් දෙමළ ජනාවාස එම ඉඩම්හි ඇති කළ යුතු අතරම අලුතින් සිංහල ජනාවාස පදිංචි කරවීම වහාම නවතන ලෙසටත් මුලතිව්හි බෞද්ධ සිද්ධස්ථානයන්හි ලියාපදිංචිය තහවුරු කිරීම හා ධීවර ගම්මානයන්හි ගැටලු විසඳීම යන යන ඉල්ලීම් ඇතුළත් විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.

විරෝධතාව අවසානයේ මුලතිව් දිස්ත්‍රික් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් හමු වූ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කර පසුව ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාරදෙනු ලැබුවේ අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් දැනුවත් කර කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවට පවසමිනි.

එහිදී මුලතිව් දිසාපතිනිය අදාළ සංදේශය ජනාධිපති හා අගමැතිගේ අවධානයට යොමු කිරීම සඳහා අවශ්‍ය බලධාරීන්ට යොමුකරවන බව පැවසුවාය.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවිකරන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (12)

මුලතිව්හි අනවසර සිංහල ජනාවාස වලට එරෙහිව ටි.එන්.ඒ.විරෝධතාවයක

Sisili Bisili Wednesday, 11 April 2018 04:29 AM

ඔවුන්ට කොළඹ ඕනේ වෙලාවක එන්න යන්න පුළුවන්. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සිංහල අය එහෙ එන්න බෑ. පුදුම මිනිස්සු තමයි.

:       0       7

sachith Wednesday, 11 April 2018 04:37 AM

ඇයි මුලතිව් කියන්නේ ශ්‍රී ලංකාවේ කොටසක් නෙවෙයිද? මේවගේ ජාතිවාදී අදහස් තියෙන පුද්ගලයෝ දේශපාලනෙන් අහක් කරන්න ඕනි.

:       0       7

Asanka Wednesday, 11 April 2018 04:42 AM

සිංහල මිනිස්සුන්ගේ ජාතිවාදය තියෙනවා කිව්වට ඒක තියෙන්නේ මෙයාල ගාවම තමා

:       0       11

sampath Wednesday, 11 April 2018 05:16 AM

මොවුන්ව අත්අඩංගුවට ගන්න කව්රුවත් මේක පත්තරෙන්වත් දැක්කේ නැද්ද? උතුරට සහජීවනය අදාළ නැද්ද? වෙනත් ආගමිකයෙකුට විරුද්ධව සිංහලයෙක් මේක කලානම් එයා දැනටමත් අත්අඩංගුවේ. ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත් නවත්තන්නේ කවදාද?

:       0       20

dhammika Wednesday, 11 April 2018 05:38 AM

එතකොට අපේ ඉඩම් වලින් කඳුකරයේ දෙමළ අයට ගෙවල් හදලා දෙන එකත් නවත්වමුද ? අපි විතරක් හොඳින් ඉන්නේ ඇයි ?

:       0       11

anura Wednesday, 11 April 2018 05:58 AM

මේකට තමයි ළමයිනේ සංහිඳීයාව කියලා කියන්නේ!

:       0       8

rama Wednesday, 11 April 2018 08:56 AM

එයාලා නම් ජාතින් අතර සංහිඳියාව පටන් අරන් වගේ නේද?

:       0       26

sampath Wednesday, 11 April 2018 09:35 AM

මෙවැනි දේ සහජීවනයට විශාල ගැටළුවක් බව රජයට තේරුම් ගන්න බැරි හේතුව කුමක්ද? ඒ වගේම සියලුම දේශපාලන පක්ෂ සාකච්ඡා මේසයකට ගෙන්වා මේ වගේ දේවල් කිරීමෙන් ඇතිවන විපාක පැහැදිලිකර දෙන්න ඕනේ. මේකට සුදුසුම පුද්ගලයා ගරු මෛත්‍රිපාල ජනාධිපතිතුමා තමයි.

:       0       9

Chathu Wednesday, 11 April 2018 10:45 AM

දෙමළ වුනත්, සිංහල වුණත් අවස්ථාවාදි දේශපාලකයින් තමයි රට විනාශ කරන්නේ.. මේ දෙමළ ජනතාවට ආදරේට කරන දෙයක් නෙවෙයි මේ

:       0       7

Bamunuarachchi Wednesday, 11 April 2018 10:49 AM

අපිත් පටන් ගමුද? මම නම් ඕනෑම වෙලාවක ලැහැස්තියි.

:       0       8

RNG Wednesday, 11 April 2018 11:18 AM

මමත් සහය දෙනවා හැකි උපරිමෙන්ම..

:       0       4

Bamunuarachchi Wednesday, 11 April 2018 10:52 AM

ජවිපෙ ගොයියෝ මේවා ගැන මොකද කියන්නේ කියලා අහන්න ආසාවෙන් ඉන්නේ...?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site