(ඩයනා උදයංගනී )
මැයි දිනයේදී අධිවේගී මාර්ගවල නොමිලයේ බස් ධාවනයට අවස්ථාව ලබාදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සෑම දේශපාලන පක්ෂයකින්ම ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බවත් එ් අනුව සියලුම පක්ෂවල මැයි රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කරන බස් රථවලට අධිවේගී මාර්ග ඔස්සේ නොමිලයේ ගමන් කළ හැකි බවත් ඇමතිවරයා කීවේය.
COMMENTS
මේක හරිම අසාධාරණයක් දේශපාලන රැලි වලට ජනතාව ගෙනයාම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ , ගිලන්රථ වැනි වාහන වලින් මුදල් අයකිරීමත් , නිකරුනේ දේශපාලන හෙන්චයියල විනෝදය සදහා යන බස් වලින් මුදල් අය නොකිරීමත් කිරීමත් අනුමත කල නොහැක ?
මෙය අතිශය අසාධාරණ ක්‍රියාවකි. මෙම වස්තුන් දේශපාලකයන්ගේ මුදල් යොදා සෑදු දෑ නොවේ. දුප්පත් අම්මල තාත්තල පාවිච්චි කරන බෙහෙත් පෙත්තටත් ටැක්ස් ගසා ණය ගෙවන දේවල් ය. දේශපාලන රැලි වලට යන බස් වලට අනිවාර්යයෙන් මුදල් අය කල යුතුය. මාධ්‍ය මෙම අසාධාරණ කම් වලට එරෙහිව නැගී සිටින්න.
පුෂ්ප කියන එක හරි, එහෙත් කරන්න දෙයක් නැත. මේ ඔක්කොම මිනිස්සුන්ගෙන් බදු මුදල් කියල අන්තිම සතේ දක්වා හූරගෙන, හොර දේශපාලුවන්ට නිකන් යන්න සලසති,මේක ඉතින් යුරෝපෙ නෙවේනෙ පුෂ්ප,. බහුබූතයො රැලක් පාලනය කරන ලංකාවනේ....
එහෙනම් ඉතින් මැයි පළවෙනිදට අධිවේගී මාර්ගවල වෙන වාහන වලට යන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන් ! ඒ මාර්ගවල එදාට බලපත්‍ර නොමැතිවත් බස්, හුඹස් ඔක්කොම දැක බලා ගන්න පුළුවන් වේවි ....