(බිඟුන් මේනක ගමගේ)
සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඊට සිය බලවත් විරෝධය පළකරන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැළකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බැවින් මෙසේ නව නීති ගෙන ආ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇතැයි ද එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කිරීමක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් තමන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට අවශ්‍ය බලය තිබූ බවට ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසමට එවැනි නීතිමය බලතල නොමැති බව සිය සංවිධානය පැහැදිලිව පෙන්වාදුන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නැතැයි ද පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි යැයි ද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
නීති තිබෙන්නේ පොදු අරමුණු උදෙසයි. නමුත් වල්බුරු නිදහසට ඉඩ නොතිබිය යුතයී. කොමසාරිස් නිවැරදිය.
අනේ ඔව් මහත්තයො. අපව දැනුවත් කරන්න. ජනතාව තමන්ව අන්දන හැටි දැනගත්ත දාට කාගෙ කාගෙත් ඇත්ත තත්වය හෙලිවෙයි.
මැතිවරණ කොමිසම දූෂිතයි කියල ඒකෙම සාමාජිකයෙක් කියනවා. කොමිසමේ සභාපති පෞද්ගලික සමාගමකට මෙවර මැතිවරණ ප්‍රතිඵල සකස් කරන්න දුන්න බව ඔහු කියනව. ප්‍රාදේශීය ඡන්දෙට සොෆ්ට්වෙයා කලේ කැළණි විශ්වවිද්‍යාලය. කොමිසමේ සභාපති කිව්වා ඒක වැඩ කලේ නැහැ ඒ හින්ද ප්‍රතිඵල හැදුවේ අතින් කියලා. එතකොට කැළණියෙන් කිව්වා එහෙම කැඩෙන්න බැහැ කියලා. දැන් අලුත් ක්‍රමයක් කරන්න යනව තමන්ට කැමති තැනක ඡන්දෙ දෙන්න පුළුවන් කියලා. කැමති කඩේකට ගිහින් භාණ්ඩයක් ගන්නවා වගේ චන්දෙ දෙන්න පුලුවන්ද?