(සුජිත් හේවාජුලිගේ )
ජාතික මැතිවරණ කොමිසමේ වාර්ෂික වියදම ගිය වසරේදී රුපියල් කෝටි 24 කින් වැඩිවී ඇත.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගිය වසරේ ඡන්ද හිමි නාම ලේඛනය ආයතන මට්ටමින් මුද්‍රණය කිරීම සඳහා අමතර රුපියල් කෝටි තුනක වැඩිවීමක් ද , එම ඡන්දයේ මූලික කටයුතු සඳහා පුනරාවර්තන අමතරව රුපියල් කෝටි 21 ක මුදලක් ද දැරීමට විම නිසාත් වාර්ෂික වියදම මෙලෙස ඉහළ ගිය බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
ඡන්ද හිමි නාම ලේඛනය පිළිවෙළ කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව ගිය වසරේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි 13 කි .එම වියදම ඊට කලින් වසරේ (2016) රුපියල් කෝටි දහයක් යැයි කොමිසමේ නිළධාරියෙක් පැවසීය.
කොමිසමේ පුනරාවර්තන (වැටුප්) වියදම ගිය වසරේ රුපියල් කෝටි 78 ක් වු අතර ඊට කලින් වසරේ එම වියදම රුපියල් කෝටි 57 ක් යැයි නිළධාරියා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ දැන් මැක්කෙක් වෙලානේ. ජනතා ලේ උරා බොනවනේ.