බස්නාහිර පළාත් සභාවේ තනතුරු හතරක් පළාත් සභා පනතට පටහැනි යැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කණ්ඩායම අද (13) විගණකාධිපතිට පැමිණිල්ලක් බාර දුන්හ.
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායක, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරු පළාත් සභා පනතට පටහැනි බවත් එම තනතුරු සඳහා මුදල් වෙන්කිරීම නීතිවිරෝධී බවත් පවසමින් විගණකාධිපතිට පැමිණිල්ල බාර දී තිබේ.
ඡායාරූප - ඉෂාන් සංජිව


COMMENTS
ඉන්දියාවේ බලපෑමට ඇතිකළ මේ මුදල් කාබාසිනියා කරන පළාත් සභා ක්‍රමය මේ රටෙන් තුරන් කළ යුතුයි. ඉන්දියාව හෝ වෙනයම් රටක් එයට විරුද්ධ වෙනවා නම් පළාත් සභා නඩත්තුව සඳහා ඒ රටවලින් අරමුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.