IMG-LOGO

බැඳුම්කර සිද්ධියේ තව සැකකරුවන් සිටී නම් අල්ලන්නැයි නියෝග


(නිමන්ති රණසිංහ)
 

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට අලාභයක් සිදුවන ආකාරයට කටයුතු කළැයි කියන සිද්ධියේ තවත් සැකකරුවන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද රහස් පොලිසියට නියෝග කළාය.
 

අද පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
මෙම නඩුවේ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව සැකකරුවන්ගේ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ. එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය තවත් සැකකරුවන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළාය.



අදහස් (8)

බැඳුම්කර සිද්ධියේ තව සැකකරුවන් සිටී නම් අල්ලන්නැයි නියෝග

පිටිගල මිලානෝ Monday, 25 February 2019 01:04 PM

සිංගප්පුරුවේ පේන්න ඉන්න මහා හොරාව ඉස්සෙල්ලා අල්ලන්න. බොරුවට අඳුරේ අතපත ගාන්නේ නැතුව....

:       1       129

RaveendraMonday, 25 February 2019 02:34 PM

නැ.. නැ.. මේ විහිළුවක් කලේ කලබල වෙන්න එපා... මොකද අල්ලනවා නම් අර ගාලු පාරේ කොල්ලුපිටිය පැත්තේ තියෙන "සුදු පාට මල් එන ගොරක ගහ මන්දිරේට" ගියා නම් එහෙමත් නැත්නම් දියවන්නා ඔයේ මඩවගුරට ගියානම් කුදලාගෙනම එන්න පුළුවන්...

:       1       104

සඳුන් Monday, 25 February 2019 01:31 PM

ටයිකෝට් දාගත්තු ජෝකර් කෙනෙක් නම් කට්ටි පැන පැන ඉන්නවා. මිනිස්සුන්ට අමතකයි කියලා හිතේ ඇති...

:       1       104

RaveendraMonday, 25 February 2019 02:47 PM

සඳුන් මයා වෙත, ඔබගේ අදහස් හාස්‍ය ජනක වුවත් එය පරම සත්‍ය වේ... දැන් එම හිඟන්නන් මොනවද ගිලපු අය සේ හොඳින් නාට්‍ය රඟ දක්වනවා නොවේද?

:       1       37

sirimal Monday, 25 February 2019 02:16 PM

බැඳුම්කර සිද්ධියේ අවශ්‍යම කෙනාව අල්ලන්න කොමිසමකුත් දානවා කියලා නේද කීවේ? ඡන්දෙට කලින් කරන හත්ඉලව්වක් කලොත් හොඳයි. නැත්නම් කන්න දුන්න අත එහෙම පිටින්ම හපාකන්න ලැබෙන එකක්ම නැහැ...

:       2       39

chathuri Monday, 25 February 2019 04:31 PM

පුදුම විදියට හොරු අල්ලන්නේ. සිද්දියක් වුනාම එය සම්පුර්ණ කරන්න ඕන. අඩුම ගානේ හොරු ටිකවත් අල්ලන්න ඕන නඩු අහනකම් එහෙම නැහැ. අව්රුද්දට සැරයක් දෙකක් එක හොරෙක් අල්ලන්නේ. අනිත් කෙනා අල්ලන්න යනකොට රටින් පැනලා. ඒ වෙනකොට රටේ නායකයාගේ බලයත් ඉවරයි. ඊළගට එන කෙනා පොරොන්දු දෙනවා ගිරිය කඩාගෙන බලය ගන්න ඕන නිසා. මම ආව ගමන් හොරු අල්ලනවා කියල ඊටත් වැඩිය ලොකු හොරකමක් කරනවා.

:       0       8

sarath perth Tuesday, 26 February 2019 01:13 AM

මෝඩ වැඩ මේ වෙලාවේ කොහොමද අලුත් නායකයෙක් හොයන්නේ. ඔන්න ඕවා අල්ලලා දාන්න

:       0       0

sandy123 Tuesday, 26 February 2019 05:37 AM

මේවට කොහෙන් හිනා වෙන්නද මම නම් දන්නේ නැහැ... පිස්සුද නැතිනම් හැටිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site