ජයන්ත සමරකෝන්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය අතර පවතින කඹ ඇදිල්ලක් හේතුවෙන් නියාමක පුරප්පාඩු 1184ක් සඳහා අළුතින් බඳවාගත් නියාමකයින්ට පත්වීම් ලබාදීම ඇණහිට ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
බඳවාගැනීමේ ලකුණු මට්ටම ඉහළ දැමීමට අමාත්‍යංශය ගෙන ඇති තීරණයත් සමඟම තෝරාගත් අපේක්ෂකයින් 900කට පමණ තනතුරු අහිමිවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද පැවසේ.
පසුගිය ජූලි මාසයේ දී නවක නිලධාරීන්ට පත්වීමේ ලිපි ලබාදීමට තීරණය කර තිබුණු බව ද සඳහන් වේ.
බඳවාගැනීමේ පවතින පටිපාටියට අනුව උපරිම ලකුණු මට්ටමක් තිබී නැතැයි ද ඒ අනුව 27-32 අතර ලකුණු ලබාදී මෙම පත්වීම් සඳහා සුදුස්සන් තෝරාගෙන ඇතැයි ද දැනගන්නට තිබේ.
එසේ තිබියදී 40 ට වැඩි ලකුණු මට්ටමක සුදුස්සන් බඳවාගැනීමට අමාත්‍යංශය රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා යවා ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
මේ පුවත දාපු දිනය කියන්න.
හරිම අසාධාරණයක්... මම 2019 විභාගයට පෙනී හිටියා. එතැනින් යෝග්‍යතා පරීක්ෂණයටත් පෙනී සිටියා. 2021 සම්මුඛ පරීක්ෂණයටත් පෙනී හිටියා. ලබන මාසේ බඳවා ගැනීම් කරයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ.. කවද්ද රජයෙන් සාදාරණයක් කලේ...?