(ජේ.ඒ.එල්. ජයසිංහ)
ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්ම විරෝධී මිථ්‍යා මත පැතිරවීමට අධර්මවාදී ගිහියන් හා සිවුරු පොරවා ගත් පුද්ගලයන් කටයුතු කරමින් සිටින බැවින් ඒවා වැළැක්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නා හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද එම ලිපියේ මෙසේද සඳහන් වේ. ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය ද, තදනුබද්ධ ශාසන ඉතිහාසය හා චාරිත්‍රධර්ම සමුදාය ද, ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව වර්ෂ දෙදහසකට අධික කාලයක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් ඇප කැප වූ බව ඓතිහාසික වශයෙන් තහවුරු වන කාරණයකි. පවිත්‍ර වූ උතුම් මුල් බුදු දහම වන ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් මුඛපරම්පරාගත ත්‍රිපිටක බුද්ධ භාෂිතය ප්‍රථම වරට ලේඛන ගතකොට තහවුරු කරන ලද්දේත්, දේශාන්තරයන්හි එය ව්‍යාප්ත කරන ලද්දේත්, ශ්‍රී ලංකාවාසී ගිහි පැවිදි පිරිස විසිනි. එසේම, බුදු දහම පදනම් කර ගත් ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද ලක්වැසියන් කටයුතු කොට ඇත. ඒ නිසාම ථෙරවාදී බුද්ධ ධර්මය පදනම් කරගත් ශ්‍රී සම්බුද්ධ ශාසනය හා පාලි භාෂාව සුරක්ෂිත කරන ධර්මද්වීපය වශයෙන් ශ්‍රී ලංකාව ද, ඒ සඳහා කටයුතු කරන ජනතාව වශයෙන් සිංහල ජාතිය ද බෞද්ධ ලෝකයේ ගෞරව සම්භාවනාවට ලක්ව ඇත.
එහෙත් වර්තමානයේ ගිහි පැවිදි කීප දෙනකු විසින් මෑතක සිට සංවිධානාත්මකව හා සූක්ෂ්මව ධර්මවිනයට පටහැනි, ශාසන විරෝධී ක්‍රියාකාරකම් රාශියක් සිදු කරගෙන යනු ලැබේ. ඔවුහු ත්‍රිපිටක සූත්‍ර ධර්මවලට හා වචනවලට අත්තනෝමතික ලෙස විකෘති අර්ථකථන ඉදිරිපත් කරමින් බුද්ධ ධර්මය ද, දිවයිනේ නොයෙකුත් ස්ථාන නාමයන්ට පදනම් විරහිත කරුණු හා අදහස් බද්ධ කොට බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය වෙනස් කරමින් ද මිත්‍යා සංකල්ප හා දෘෂ්ටිවාද බෞද්ධ සමාජය පුරා පතුරුවති. අර්හත්වය, සෝතාපන්න භාවය වැනි උත්තරී මනුස්ස ධම්ම තමන් තුළ ඇතැ යි ඔවුන් පැවසීම භික්ෂුත්වය අහිමි වන පාරාජිකාවකි. මොවුන්ගේ ධර්මවිනයට පටහැනි දේශනා හේතුවෙන් ඇතැම් බෞද්ධයන්ගේ සිත්සතන් දූෂිතව, තෙරුවන් පිළිබඳ සැදැහැව හීන වන බවක් පෙනී යයි. ශ්‍රී සම්බුද්ධ දේශනාව, පාලි භාෂාව, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, බෞද්ධ චාරිත්‍ර ධර්ම, සංස්කෘතික ලක්ෂණ හා ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථාන පිළිබඳ ගෞරවය දැඩි ලෙස කෙලෙසෙයි.
ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ල වී තිබෙන තර්ජනය වළක්වා ගැනීමට අපේ ධර්ම විනයධර, ශාසනමාමක භික්ෂුන් වහන්සේලා බෞද්ධ ජනතාව දැනුවත් කරමින් ද, නෛතික වශයෙන් ද විවිධ අවස්ථාවල කටයුතු කරති. නමුත් විවිධ විෂය හා වෘත්තීය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය තිබුණත්, ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති බෞද්ධයෝ මිත්‍යා මතවාද පිළිගෙන මුළාවට පත්වෙති.
මේ තත්ත්වය නිසා මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය කාරක සභ සභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා, විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා සහ ධර්මධර භික්ෂුන් වහන්සේලා රැස්ව පහත සඳහන් කරණු කෙරෙහි අපේ මහා සංඝයා වහන්සේ මෙන්ම රජයේ සහ බෞද්ධ ජනතාවගේ අවධානය යොමු කරවීමට ද, ඒ අනුව කටයුතු කරන ලෙස දැනුම්දීමට ද තීරණය කරන ලදී.
ශ්‍රී ලංකා රජය හා ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින් විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු
01. ථෙරවාදී පාලි ත්‍රිපිටක ග්‍රන්ථ, අට්ඨකථා හා ටිකාවන්හි අර්ථ විකෘති වන පරිදි ඒවායෙහි පෙළ වෙනස් නොකළ යුතු ය. දේශනා මගින් හෝ ලිඛිතව ධර්ම කරුණුවලට හා වචනවලට අර්ථ හා විවරණ සැපයීමේදී සම්ප්‍රදායික හා සම්මත ව්‍යාකරණ නිරුක්ති ක්‍රමය භාවිත කළ යුතුය. ශ්‍රී සද්ධර්මය පිළිබඳ හා ගැඹුරු සිද්ධාන්ත විග්‍රහ කිරීමේදී ඒවා හෑල්ලුවට ලක්කෙරෙන හාස්‍යෝත්පාදක වූ ද, ග්‍රාම්‍ය වූ ද, අර්ථ ශූන්‍ය වූ ද වචන භාවිතයෙන් වැළකිය යුතුය.
02. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ ද, සයිමන් හේවාවිතාරණ අරමුදල මගින් ප්‍රකාශිත අට්ඨ කථා සහ ටීකා ග්‍රන්ථ ද, බි්‍රතාන්‍යයේ පාලි ග්‍රන්ථ සමාගම :ඡ්කස ඔැංඑ ීදජසැඑහ* විසින් මුද්‍රිත ත්‍රිපිටක ග්‍රන්ථ ද, ධර්ම දේශනාවල දී හා ධර්මය හැදෑරීමේ දී මූලාශ්‍ර ග්‍රන්ථ වශයෙන් පිළිගෙන භාවිත කළ යුතුය.
03. ධර්ම විරෝධී ක්‍රියාකලාපය නිසා භික්ෂු භාවයෙන් නෙරපූ මීවනපලානේ ධම්මාලංකාර හෙවත් පන්සල්හේනේ ධම්මාලංකාර නමැති භික්ෂු වේශධාරී තැනැත්තා විසින් ද, වහරක අභයරතනාලංකාර නමැති භික්ෂුවගේ අනුගාමිකයන් විසින් ද, විවිධ මාධ්‍ය භාවිත කරමින් පතුරුවනු ලබන මතවාද හා අරුත් විවරණ බුදු දහමට පටහැනි බැවින් ඒවාට මුළා නොවී ගිහි පැවිදි සියලු දෙනාම සත්‍ය ධර්මයෙහි පිහිටා ක්‍රියා කළ යුතුය.
04. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවතින කිසිදු රටක උපසම්පදා සීලයෙහි පිහිටි භික්ෂුණීන් හෝ එයට සමාන වෙනත් නාමයකින් හැඳින්වෙන කාන්තා පැවිදි පිරිසක් දැනට දක්නට නොමැති නිසාත්, ථෙරවාදී ධර්ම විනයට අනුව කාන්තාවන් පැවිදි කිරීමට හැකියාවක් ද නොමැති නිසාත්, එයට හේතු කාරණා ධර්ම විනයධර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා නිරතුරුව පැහැදිලි කර දී තිබෙන නිසාත්, අනගාරික කාන්තාවන් උදෙසා භික්ෂුණී නාමය නීත්‍යානුකූල ලේඛනයන්හි භාවිත කිරීම ශ්‍රී ලංකා රජය හා අනුබද්ධ ආයතන විසින් නොකළ යුතුය.
05. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ රාජ්‍ය වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කොට, ඒවා සුරක්ෂිත කිරීමට රජය විසින් වහාම නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතුය.
06. බෞද්ධ ජනතාව අතර අසමගිය, වාදභේද හා ගැටුම්කාරී අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්ථාවර කිරීමේ බලවේග මේ තුළින් ක්‍රියාත්මක වන බවක්ද පෙනී යයි. එම නිසා අධර්මවාදී ගිහියන්ට හා සිවුරු පොරවාගත් පුද්ගලයන්ට විහාරස්ථානවල දේශන පැවැත්වීම සඳහා ඉඩ නොදීමට භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන් වගබලා ගත යුතුය.
උභය මහා විහාරීය කාරක සංඝසභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා, විද්‍යෝදය හා විද්‍යාලංකාර මහ පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා ඇතුළු ධර්මධර භික්ෂූන් පිරිසක් විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා යෝජිත ඉහත සඳහන් කරුණු වහාම ක්‍රියාත්මක කළ යුතු යැයි අපි ද අනුමත කරන්නෙමු.
එබැවින් ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධශාසනය ආරක්ෂා කිරීම සඳහා පැවරුණ වගකීම අනුව ඉහත කරුණු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙසද බුදුරදුන් ලක්දිව ඉපදුන බවට හා ධර්ම විරෝධී විවිධ මිත්‍යා මතවාද පතුරුවන පුද්ගලයන් රාජ්‍ය ආයතනවල දේශනා පැවැත්වීම හා ඒ සම්බන්ධ කටයුතුවල යෙදීම වළක්වන ලෙසද ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන රජයට කරුණාවෙන් සිහිපත් කරමු.
ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අතර සාමය හා සමගිය පවත්වා ගැනීම සඳහා සෑම අවස්ථාවකම බුද්ධිමත්ව කටයුතු කරන ලෙස අපගේ භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට ශාසනාලයෙන් විශේෂයෙන් සිහිපත් කර සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරැ මහනායක හිමියන් වහන්සේලා එකතුවි පවතින ත්‍රිපිඨකය නිවැරදිව අර්ථ නිරැක්ති සහිතව විසත්ර කර දුන්නානම් හරි නේද. නිකන් ගථා කිය කිය මල් පුජා කර කර පෙරහැර පැවැත්විම විතරක් බුද්ධ ධර්මය වශයෙන් පවත්වාගෙන යන්නේ නැතිව. නිවැරදිව මාගධි බස හැසිරවිම හා ජනතාව දැනුවත් කිරිමත්. ඉන්දියන් ඉතිහාසය නිවැරදිව ජනතාවට උගන්වා බුදුන් එයි වැඩ සිටි බවත් පැහැදිලි කිරිම මහනායක හාමුදුරැවන්ගේ වගකිමකි. එහෙම නැතිව පවතින බොරැව නිතිගත කිරිම හෝ තර්ජනයෙන් පවතින දේ රැක ගැනිම බුද්ධදර්මය වන්නේ කෙසේද. බුද්ධජයන්ති ත්‍රිපිඨක පරිවරිථනය හරියටම හරිද වැරදි නැද්ද පැහැදිලි කර දිමත් මහනායක හාමුදුරැවන්ගේ වගකීමකි. තෙරැවන් සරණයි.
කාලීන බණ කියනකොට නිහඩව හිටියා නේද?
මෙය කළ යුත්තේ ඔබවහන්සේලාම නේද?
සාසනේ බේරා ගන්න ඕනේ බුද්ධාගම විකෘර්ති කරන අයගෙන්, ජනාධිපතිට කළ හැකි දෙයක් නොමැත............
පරම විමුක්තිය කියන එක කිසිම ආගමකට අයිති නෑ. ඒක පුද්ගලිකයි. විඥ්ඥානය ගැන හොයන්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනව.තමන්ගෙ විඥ්ඥානය ගැන හොයන්න පර්යේෂණ කරන්න ඕනම කෙනෙකුට පුළුවන්.සෙන් බුදු දහමේ බුද්ධ කියන්නෙ විඥ්ඥානයට. සෑම කෙනෙක් තුළම බුදු කෙනෙක් ඉන්නව. අප කළ යුත්තේ ඒ බුදුන් මතුකර ගැනීමයි. ලාමාවරුන්ගේ බාඩෝ ඉගැන්වීම්,ඩාවෝ වාදය,ඹ්ෂෝ,ක්‍රිෂ්ණමූර්ති මේ සියලුදේ ඇතුලෙ කතාකරන්නෙ එකම දෙයක්. ඒ පරම විමුක්තිය සොයා යාම.ලංකාවෙ භික්ෂූන් වහන්සේලා දර්ශනය මූලික කරගත් ජීවිතයක් ගතනොකිරීමත් දේශපාලනය වැනි පටු මාර්ගවල ගමන් කිරීමත් නිසා තමයි මෙහෙම මිත්‍යා දේශනා වලට ඉඩ හැදෙන්නෙ. රජයකට මේව නවත්තන්න බෑ. දර්ශනය විකෘති කරනවානම් උත්තර දෙන්න ඕන දර්ශනයෙන්මයි. බුදුන් වහන්සේ මිත්‍යාව බිඳින්න මොනතරම් මහන්සියක් ගන්න ඇත්ද කියල දැන් අපිට තේරෙනව.
මනුෂ්‍යයන් විසින් ආරක්ෂා කළ යුතු ධර්මයක් මනුෂ්‍යයින්ව ආරක්ෂා කරගන්නේ කෙසේද? යන්න මට ප්‍රශ්නයක් තියනවා.
අද අපේ රටේ.. ක්‍රියාත්මක වෙන බෞද්ධ ප්‍රතිපත්ති තිබුණා නම්... අද අපිට පොලිසියක්, අධිකරණයක් අවශ්‍ය නැහැ... !
මම හඳපාන්ගොඩ හාමුදුරුවන්ගෙයි... බත්තරමුල්ලේ හාමුදුරුවන්ගෙයි බණ අහලා තියෙනවා. නිවන් මගට පිවිසිය යුතු අන්දම නියමාකාරයෙන්ම දේශන කරන දෙනමක්... ඉන් පිටස්තර දෙයක් උනවහන්සේලාගේ දේශනාවල නැහැ. ඉතාමත් යථාර්ථවාදී දහමක්... මේ දෙනමට අධි සුඛෝපභෝගී කුටි නැහැ. මහා වටිනා යානවාහන නැහැ. වැදි බණ කියන අය ලෙස හැඳින්වීම නම් මහා වැරැදි දෙයක් ලෙසටයි මට පෙනෙන්නේ.. කණගාටුයි.
පිං පව් වලට වඩා හේතුඵල දහම මතු ජාතිය සකස්කර ගැනීමට උපකාර වන බව බුද්ධ දේශනාවයි. හේතුඵල ධර්මතාවය පිළිබඳව අසා දැන යම් අවබෝධයක් ලබා මිනිස්කමට ගැළපෙන, මිනිස් බව රැකෙන ගති ලක්ෂණ පුරුදු කිරීම, පුහුණු කිරීම, පවත්වාගෙන යාම මතු සුගතියක උපත ලැබීමටත්, නිවන් දැක දුකින් මිදීමටත් හේතුවේ. මනසින් මැන සිතා බලා නිගමනය කිරීමත්, කල්පනා කර තීරණයක් ගැනීමත්, මිනිසාට උරුම වූ ගති ලක්‍ෂණයකි. ශක්තියකි. තමන්වම හෝ වෙනත් සත්වයකු හෝ වැනසීමට, පීඩාවට පත්කිරීමට, පහත් කොට සැළකීමට, අවමානයට පත් කිරීමට, වෛර කිරීමට හේතුවන කිසිම සිතුවිල්ලක්, කථාවක්, ක‍්‍රියාවක් මිනිස් බවට නොගැළපෙයි. පෙර කළ පිං බලයෙන් අද මිනිස් කයක් දැරුවත්, බල්ලෙකුගේ ගතිගුණ ප‍්‍රදර්ශනය කළොත්, පුරුදු පුහුණු කළොත් ඔහු මිනිස් කයෙන්ම සිට බලූබවට පත් වූවෙකි.
ගයත්‍රී ඔබ නිවැරදියි. පිරිසිදු දහම දෙසන ස්වාමීන් වහන්සේලා දෙනමකට අපහාස කරන අය බලු ගතියෙන් නැවත ඉපදේවි. වටිනා ස්වාමින් වහන්සේ දෙනමට අපහාස කළ පවට...
ඉතින් හාමුදුරුවනේ ඔය ප්‍රශ්නෙට උත්තර තියෙන්නෙත් ඔබ වහන්සේලා ළඟමනේ... ඔය තියන නිකායන්ගේ භේද හා අනිකුත් භේද අමතක කරලා පොදුවේ ශාසන උන්නතිය සඳහා පොදු විනයාචාර්ය ක්‍රමවේදයක් ඔබවහන්සේලා තුළින්ම සකස් කරගන්න. ගිහි අය ඔබවහන්සේලාට නීතිරීති සකස් කරන එක ඔබවහන්සේලාට අගෞරවයක්නේ. ඊට පස්සේ ඇමැතිතුමාට කියලා කෙටුම්පත් සකස් කර සම්මත කරගෙන නීතිගත කරගන්න. මූලික අඩිතාලම සකස් කරගත් පසු එම නීති මාලාවට පිටින් යන අය ගැන ගිහි පැවිදි භාවයකින් තොරව ක්‍රියා කළ හැකිවනු ඇත.
වර්තමාන සංඝ සමාජයේ හිමිවරුන් විවිධ වර්ණයේ සිවුරු අඳින බව පේනවා. එකම පංසලේ හිමිවරුන්ද මෙහෙම වනවිට තරමක් අශෝභනයි. සමහර හිමිවරුන් රැවුල් වවාගෙන කැරලිවලට යනවා. හරිම පිලිකුල්. ඒ ගැනත් බලනවා නම් හොඳයි. ඒ අතරම සමහර ප්‍රදේශවල මළ ගෙදරක පාංශුකූලයට පන්සලක් තිබුණට හිමිවරුන් සිටියාට හිමිනමක් වඩම්මවා ගන්න බැහැ. ඒ වෙලාවට මෙහෙණින් වහන්සේලාවත් කැඳවන්න වෙනවා. තවත් පිරිසක් ඉගෙන ගැනීමට මහණ වෙනවා.. උපාධිය බැරිවුණොත් විද්‍යාපීඨවත් ගොස් ඇවිත් සිවුරු හරිනවා. ශාසනය පිරිහෙනවා. මේවා ගැනත් බලනවා නම් හොඳයි නේද?
තවමත් ඔබ පඹගාලක පැටලිලා නම් තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා කිහිපයක් අහල බලන්න..., අභිධර්මය ඇසුරින් කරන දේශනා තමයි ඒ....
ත්‍රිපිටකය වැරදි විදිහට විග්‍රහ කළානම් ඒ හිමිවරු, මල්වත්ත අස්ගිරිය හිමිවරු ඒ වැරදි තැන පෙන්වාදීම නේද විය යුත්තේ? ජනතාවට එතකොට තේරුම් යාවි... හරියටම නිවැරදි ධර්මය දේශනා කරන්නේ කවුද කියලා. ඔය කියන මහා නාහිමිවරු අද ලංකාවට වෙලා තියෙන විනාශයට යම් තරමකට හරි වග කියන්න ඕනෑ. ඔය නාහිමිවරුන්ට පෙනෙන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ සිද්දවෙන දේවල්.... අද දවසේ රට මෙහෙයවන විදිය ගැන මොනවද නාහිමිවරු දුන් උපදෙස්... මට තේරුම් යන විදියට තහනම් කරන්න කියලා කියන නාහිමිවරු කියන ධර්මය පිළිපැදපු කිසිම කෙනෙක් අතින් කිසිම වරදක් තවම නම් සමාජයට වෙලා නැහැ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වපුරන්නේ නැහැ. ඒ කට්ටිය ඉතාම ඉක්මනට නිර්වාණය අවබෝධ කරගනීවි.... මහා නා හිමිවරු දෙනමට ඉක්මණින්ම සත්‍යය අවබෝධ වේවා...!!!
වහරක ස්වාමීන්වහන්සේගේ හෝ ධර්මයයි ඔබයි, නිරපේක්ෂත්වයේ මඟ හෝ රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ දේශනා අහලා මින් ඉස්සර කවදාවත් නිවන ගැන හිතපුවත් නැති බොහොමයක් තරුණ පිරිස තමයි දැන් ධර්ම මාර්ගයට වැටිල මේ නිවීම මොකක්ද කියල හොයන්නේ... ඒ මොකද පෙර නොඇසූ ධර්මයක් වගේම, මේ ලෝකයේ යථාර්තය පෙන්වල නිවීමට පාර කියලා දෙන ධර්මයක් උන්වහන්සේලා දේශනා කරන නිසයි. ඇත්තටම අද කාලයේ බොහොමයක් තැන් වල හරි ධර්මයක් දේශනා වෙනවද? ගොඩක් වෙලාවට ගිහියන් කරන කියන දේවල් විවේචනය කරල, හාස්‍යයට ලක් කරලා හාමුදුරුවො බණ කියන එකයි කරන්නේ. මේවා කොච්චර ඇහුවත් අපිට 'අනේ මේ ජීවිතයෙම අපි නිවන් දකින්න උත්සාහ ගන්න ඕනෑ' කියල හිතුණාද? නමුත් දැන් පේනවා ගිහිජීවිතේ සියලු බාධක මැද ඉගෙනගෙන හොඳ රැකියාවල් කරලා ලෞකිකව ලබන්න පුළුවන් සැප විඳලා ඒ ඔක්කොමත් කරලා බොහොම ඉක්මණට ලෝකයේ යථාර්තය දැකලා පැවිදිබිමට පත්වෙලා නියම බුද්ධ ධර්මය දේශනා කරන පිරිස බිහි වෙනකොට මොනතරම් සාම්ප්‍රදායික බණ කියපු හාමුදුරුවරු කොච්චර කලබල වෙනවද කියලා...