(දීපාල් ද සිල්වා)
බද්දේගම අධිකරණයේ සිට ගාල්ල බන්ධනාගාරයට රැගෙන යාමට නිමිතව සිටි රැදවියන් පස් දෙනකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පැන ගොස් තිබේ.
අද (28) සවස හතරට පමණ අධිකරණ භූමියේදී මෙම රැදවියන් පලාගොස් ඇත.
පලා ගිය සැකකරුවන් බද්දේගම ප්‍රදේශයේ සොරකම් ,හෙරොයින් ජාවාරම්, නිවාස කොල්ල කෑම් වැනි චෝදනාවන්ට ලක්ව බන්ධනාගාරගත කර සිටි පිරිසකි.
පැවැති මෙම නඩු වෙනුවෙන් බද්දේගම අධිකරණයට රැගෙන විත් නැවත ගාල්ල බන්ධනාගාරයට රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේදී මොවුන් පැන ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සැලසුම් සහගත වැඩක්.
ලෝකයේ කුඩාම රටක දක්ෂ බන්ධනාගාර නිලධාරීන්
හිරකාරයෝ මාංචු දාල දම්වැලක අමුණලා තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. අනික බන්ධනාගාර නිලධාරීන්ට පිස්තොලත් දීල තියෙනවා මේවගේ හදිසි තත්වයකදී පාවිච්චි කරන්න. මෙතැනදී බන්ධනාගාර ආරක්ෂක වැඩපිළිවෙලේ බිඳවැටීමක් සිද්ධවෙලා තියෙනවා. එමනිසා ඊට වගකියයුතු නිලධාරීන්ට දඬුවම් කලයුතුයි.
අනේ ජේලර් වරුණේ ...සැකකරුවෙකු බන්දනාගාරයෙන් එලියට ප්‍රවාහනය කෙරෙන විට අත් ඉස්සරහට තබා නොව පිටුපසට තබා මාංචු දමන ක්‍රමවේදයක් තිබෙනවද නැතිද ? නැවත මාංචු ගලවන්නේ බන්දනාගාරයට ඇතුල් කලාට පසුවයි නේද ඔව්ද නැතිද ?. ඔබලා ඊට ප්‍රකාරව කටයුතු කරලා තිබුනද ? එහෙම කලානම් පැනලා යන්නේ කොහොමද කියලා රටට කියන්නකෝ බලන්න?රටේ නීති අංශයේ ,බන්දනාගාර පද්ධතියේ සිදුවුනු දුෂිත ක්‍රියා අනුව නම් මේවා සැලසුම් සහගත ක්‍රියා වෙන්න පුළුවනි . සුරංගනා කතා නොකියා තමා රජයෙන් ලබන වරප්‍රසාද වලට අවංකව තම රාජකාරිය ඉටු කරන්න.