IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පළාත් පාලන ආයතන බලය පිහිටුවීම 22 දා

(ආරියරත්න රණබාහු)

පළාත් පාලන ආයතන 326 ක බලය පිහිටුවීම මෙ මස 22 වැනිදා සිට සිදු කරන බව පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

කාන්තා නියෝජනය  සම්බන්ධව ගැටළු  තිබෙන පළාත් පාලන ආයතන 15 ක් ඊට ඇතුළත් නොවන බවද ඔහු කීය.  පළාත් පාලන ඡන්දය පැවැත්වු  පළාත් පාලන ආයතන  සංඛ්‍යාව 340 ක් වන අතර ඉන් 24ක්  මහනගර සභා වන අතර 41ක් නගර සභා වේ. 

ප්‍රාදේශීය සභා සංඛ්‍යාව275කි.පළාත් පාලන ආයතන සියල්ලටම පත් වු  නියෝජිතයින් සංඛ්‍යාව 8325 කි. ඉන්  ඉන් නියෝජිතයින් 5,061 ක්ම තෝරා ගැනීම පෙබරවාරී 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සිදු කෙරුණ අතර සභිකයින් 3264 ක් සමානුපාතික ක්‍රමයෙන් තෝරා ගැනිණි.

එම ඡන්ද ක්‍රමය යටතේ  පළාත් පාලන  ආයතනවලට නියෝතයින් පත් කිරීම 60% ක් කොට්ඨාස මට්ටමින්ද 40% අමතර  ලැයිස්තුවක් ඔස්සේද සිදු විය.

පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය  කෙරිණි.     



අදහස් (2)

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම 22 දා

Cisc Thursday, 15 March 2018 06:20 AM

වැඩ බැරි අය කරන වැඩ එක්කෝ පරක්කුයි නැත්නම් වැඩක් ඇත්තෙම නැහැ.

:       0       0

yohan harshana Thursday, 15 March 2018 07:08 AM

අසන සංවිධායකයන්ට ඕන විදියටනම් සභාපතිකම් දෙන්න එපා. උන්ට ඕන දේවල් කරගන්න පුළුවන් උන්ට සභාපතිකම් දීල උන්ට ඕන දේවල් සේරම ටික කරගනි. හලාවත ප්‍රාදේශීය සභාවේ කරන්න යන්නේ මේ ටිකම තමයි.ලිස්ට් එකේ 6 වෙනියට ඉන්න එකාට සභාපතිකම දීල අසන සංවිධායකට ඕන විදියට සේරම කරගන්න හදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site