( ජයන්ත සමරකෝන්)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අවශ්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක බරපතල හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියයි.
මේ සම්බන්ධයෙන් පසුගිය මාස 8 මුළුල්ලෙහි සෑම සතියකටම වරක් එම අත්‍යවශ්‍ය හිග ඖෂධ ලැයිස්තුවක් සෞඛ්‍ය සැපයීමේ අංශයට යවා ඇතැත් මේ දක්වාම ඒ සඳහා ප්‍රතිචාරයක් නැතැයිද අධ්‍යක්ෂවරයා කීය.
මුදල් ගෙවා අවශ්‍ය ඖෂධ ප්‍රාදේශිය වශයෙන් මිලදී ගැනීමට උපදෙස් පමණක් ලැබුණු බවද පරිත්‍යාගශීලීන්ගේ ආධාර යොදවා එම ඖෂධ මිලදී ගැනීමට ගිය අවස්ථාවලදීද රජයෙන් හිග වශයෙන් රුපියල් කෝටි 80 ක් ගෙවා නොමැති බව කියමින් එම සමාගම් ඖෂධ ලබා දීම ප්‍රතික්ෂේප කළ බවද අධ්‍යක්ෂවරයා කීවේය.
කෙසේ වෙතත් රෝහලට අතවශ්‍ය හිඟ ඖෂධ ගණනාවක් පරිත්‍යාගශීලින් ලවා ගෙන්වාගෙන රෝගීන්ට ලබා දෙන බවද මෙය දිගටම පවත්වාගෙන යා නොහැකි බවද ඔහු කීවේය.
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 8 ක්ම මිලදීගන්නේ මෙම සමාගම් බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1376
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක හිඟයක්
MIHIRA Wednesday, 27 November 2019 08:52 AM
දැන් ගිය ආණ්ඩුවට බැනලා වැඩ බැහැ කියලා දෙන අය අාවේ... ඕවා එන්නේ නැව්වල නෙවේනේ... ඕඩර් කරලා ගෙනත් බෙදන්න කියව කියවා ඉන් නැතිව ඉවරයි වැඩේ...
eresh S kumara Wednesday, 27 November 2019 09:06 AM
කලින් සුවපති මේවට වගකිව යුතුයි. මම නෙමෙයි කියන්නේ දොස්තර නවීන්...
Chanakya Wednesday, 27 November 2019 11:46 AM
වකුගඩු සැත්කම් කළ රෝගීන්ට අවශ්‍යම ඔරිජිනල් බෙහෙත් ලංකාවේ නැහැ. එය රෝගීන්ගේ ජීවිතයට අනතුරුදායකයි.